Press ESC to close

YouTube සමාගම “Hype” යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි !

YouTube වීඩීයෝ නිර්මාණකරුවන්ට(Content Creators) ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීමට පහසු වන ආකාරයේ නව විශේෂාංගයක් හදුන්වාදීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කරතිබේ.පසුගිය බදාදා දින පැවති Made On YouTube උත්සවයේදී ‘Hype“යනුවෙන් හදුන්වන මෙම නව විශේෂාංගය එලිදැක්වූ අතර මෙමගින් වීඩීයෝ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළගා කරවීමට වීඩීයෝ නිර්මාණකරුවන්ට හැකිවනු ඇත.

මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ 5කට වඩා අඩු YouTube නාලිකාවලට වන අතර මෙම විශේෂාංගය Like Button එකට පහලින් ස්ථාපිත කර තිබෙන බවද සමාගම පවසයි.එමන්ම මෙහි අනිසි භාවිතය වැලැක්වීම සදහා සතියකට තෙවතාවක් පමණක් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකිවන ලෙස නිර්මාණය කරතිබේ.මෙය භාවිතා කිරීමෙන් ඉහළට පැමිණෙන නිර්මාණකරුවන් ඇගයීම සදහා සමාගම ලකුණු දීම සහ විශේෂ ලාංඡන ප්‍රදානය වැනිදේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.එසේම යූ ටියුබ් සමාගම කරන ලද Beta පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නෙ වයස අවු.18-24 අතර වයසේ පසුවන පිරිස් මෙම නව විශේෂාංගය සදහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

Get Your Site Up with A2 Hosting

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *