Press ESC to close

Youtube සමාව ඉල්ලයි !

පසුගියදා Youtube හි බොහෝ වීඩියෝ නිර්මාණකරුවන්ට(Content Creators) බලපාන ආයාචිත තැපැල් (Spam) උපුටා දක්වමින් Youtube සමාගම වැරදි ලෙස නාලිකා කිහිපයක් තහනම්(Ban)කළේය.පසුව ඔවුන් සමාව අයැද සිටි අතර ඔවුන්ගෙ ස්වයංක්‍රීය පද්ධති පිළිබදව කණස්සල්ල පල කළේය.නමුත් එයට හේතුව නිසි ආකාරව ඔවුන් ප්‍රකාශ කළේ නැත.

X හි සටහනක් තබමින් Youtube බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ ගැටලුව පිලිගත්තේ ඇතැම් නාලිකා ආයාචිත තැපැල් සදහා වැරදි ලෙස සළකුණු වී ඇති බවත් මේ පිළිබදව සොයාබලා බලපෑමට ලක්වූ නාලිකා යලි ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත්ය.තවද Playlist වැනි අන්තර්ගතයන් ප්‍රතිස්ථාපනය වීම ප්‍රමාද විය හැකිබවද ඔවුන් දන්වා තිබුණි.

Get Your Site Up with A2 Hosting

සමාගම සිකුරාදා උදෑසන වන විටත් වෙනත් යාවත්කාලීනයන් පළකර නොතිබූ අතර එම අවස්ථාව වනවිටත් ගැටලුව විසදා නොතිබිණි.සිකුරාදා පස්වරුවේ Youtube සමාගම X ගිණුම යාවත්කාලීන කරමින් කියා සිටියේ මේ වන විට ගැටලුව විසදා තිබෙන බවයි.

කෙසේ වෙතත් වීඩීයෝ නිර්මාණකරුවන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල ඔවුන් සිය කනස්සල්ල පලකරමින් කියා සිටියේ ඔවුන්ගේ ඇතැම් Video , Playlist දක්නට නොලැබෙන බවයි.එමෙන්ම මෙම ගැටලුව Youtube Premium , Youtube TV හි ගෙවුම් ග්‍රාහකත්වය (Paid Subscription) ලබාගෙන සිටින පුද්ගලයින්ටද බලපෑවේය.මෙමගින් එක් වේදිකාවක් (Platform) මත බහු සේවා සම්බන්ධ කිරීමේ අවධානම හෙලි කළේය.

SourceTech Crunch

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *