Press ESC to close

Xiaomi ඔවුන්ගේ නවතම Devices එළිදක්වයි

Xiaomi ඔවුන්ගේ නවතම නිෂ්පාදන කිහිපයක් සැප්තැම්බර් 26 දින එලි දැක්විය. Xiaomi 14T සහ Xiaomi 14T Pro දුරකථන , Xiaomi Buds 5 , Xiaomi Robot Vacuum X20 Max , Xiaomi TV Max 100 යන නිෂ්පාදන කීපයක් Xiaomi සමාගම විසින් එලිදක්වන ලදී.

Xiaomi ලාගේ මෙම අලුත්ම Xiaomi 14T දුරකථනය පැමිණෙන්නේ MediaTek Dimensity 8300 Ultra (4nm) Processor එකක් සමගිනි. අගල් 6.67 ක AMOLED, 144Hz තිරයකින් සමන්විත වන මෙම දුරකථනය බලගැන්වෙන්නේ 5500 mAh ක බැටරියකිනි. මෙම දුරකථනයේ ඇති HyperOS මෘදුකාංගය Android 14 සමගින් බලගැන්වේ. තවද 5G පහසුකම, Wi-Fi 6E, Bluetooth 5.4 , 50W wireless charging පහසුකම හා  IP68 dust/water resistant වැනි බොහෝ පහසුකම් මෙම දුරකථනයට Xiaomi සමාගම අන්තර්ගත කර ඇත.

Xiaomi ලාගේ Pro Users ලා සදහා නිකුත් කරන ලද අලුත්ම Xiaomi 14T Pro දුරකථනය පැමිණෙන්නේ MediaTek Dimensity 9300+ (4nm) Processor එකක් සමගිනි. මෙහි ද අගල් 6.67 ක AMOLED, 144Hz තිරයකින් සමන්විත වන අතර, නමුත් මෙම දුරකථනයේ අපිට දකින්න ලැබෙන්නේ 5000 mAh ක බැටරියකි. මෙයට හේතුව වන්නේ සාපේක්ෂව අඩු බලයකින් වැඩි කාර්යක් සිදු කල හැකි සැකසුමක් මෙහි අන්තර්ගත වීම සහ Xiaomi 14T දුරකථනයට සාපේක්ෂව මෙම දුරකථනය වැඩි වේගයෙන් ආරෝපණය කල හැකි වීමයි . මෙම දුරකථනයේ ද HyperOS මෘදුකාංගය , Android 14 සමගින් දක්නට ලැබෙන අතර 5G පහසුකම, අළුත්ම Wi-Fi 7, Bluetooth 5.4 , 50W wireless charging පහසුකම හා  IP68 dust/water resistant වැනි බොහෝ පහසුකම් මෙම දුරකථනයට Xiaomi ලා අන්තර්ගත කරන්න අමතක කරලා නෑ.

Get Your Site Up with A2 Hosting

ඉන්පසූව Xiaomi හි නවතම Xiaomi Buds 5 ඇතුළුව නිෂ්පාදන පෙළක් එලි දැක්වූ අතර, Xiaomi Buds 5 හි superior sound quality ය සමගින් active noise cancellation පහසුකම ද දක්නට ලැබේ.එහිදී එලි දැක්වූ Xiaomi Robot Vacuum X20 Max යනු කාර්යක්ෂම නිවාස පිරිසිදු කිරීම සඳහා වූ සුහුරු උපකරණයක්(Smart Device) වන අතර මීට අමතරව, ඔවුන්ගේ Xiaomi TV Max අඟල් 100 ක 4K Smart රූපවාහිනියක් Quantum Dot තාක්ෂණය සහ Dolby Vision තාක්ෂණය සමඟ එදින එලිදක්වන ලදී. තමන්ගේ පාරිභෝගික අවශ්‍යතා සඳහා , තම පාරිභෝගිකයට උසස් තත්ත්වයේ, අති නවීන තාක්‍ෂණික අත්දැකීමක් සැපයීමට Xiaomi සමාගම සෑම විටම කැපවී උත්සහ කරයි. Xiaomi නිෂ්පාදන ජනතාව අතර ප්‍රසිද්ද වන්නේ ද ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන නිසාවෙනි.

Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *