Press ESC to close

මුදල් ගෙවීම් පහසු කරන්න සැරසෙන X

Twitter තමන් යටතට පවරාගෙන එහි නම X ලෙස වෙනස් කිරීමෙන් පසු Elon Musk පැවසූ දෙයක් තමයි X ඇප් එක හැම පහසුකමක්ම අඩංගු වෙන ඇප් එකක් බවට පත් කරනවා කියන එක. ඉතින් මෙහි එක් පියවරක් විදියට X ඇප් එක මගින් payment system එකක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා.

නවතම වාර්තා වලට අනුව දැක්වෙන්නෙ X සමාගම දැන් Payments නමින් අලුත් ටැබ් එකක් navigation bar එකට එකතු කරන්න සූදානම් වෙනවා. මෙහි මූලික payment features කිහිපයක්ම අඩංගු කර තිබෙනවා. ඒ අතර transaction, balance සහ transfer දක්වන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

මේ ආකාරයට payment system එකක් X ඇප් එකට හදුන්වාදීමෙන් බලාපොරොත්තු වන්නෙ පරිශීලකයන්ට ඔවුන්ගේ X ගිණුම් වල මුදල් තැන්පත් කරගැනීමටත් වෙනත් පරිශීලකයන්ට මුදල් යැවීමටත් වෙනත් තුන්වැනි පාර්ශවීය සේවා සදහා මුදල් ගෙවීමට හැකිවීමත් යන කරුනු පහසු කරවීමයි.

මේ වසරේ අවසානයේ මෙම විශේෂාංගය X ඇප් එකට පැමිනෙන බව වාර්තා වෙනවා. දැනට X සමාගම ඇමරිකාව තුල මුදල් හුවමාරු කිරීම සදහා අවශ්‍ය money transmitter licenses ලබාගනිමින් සිටිනවා.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *