Press ESC to close

ලොව විශාලතම iPhone දුරකතනය

ඔබත් අලුත් තාක්ශනික දැනුම ගැන දැනගන්න කැමති අයෙක් නම් සමහරවිට MrWhoseTheBoss YouTube චැනලය ගැන අසා ඇති. එය අයිති වෙන්නෙ Arun Maini නම් මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන ඉන්දියානු ජාතියකයෙකුට. දැනට මිලියන 20කට ආසන්න subscribers සංඛ්‍යාවක් මේ චැනල් එකට සිටිනවා.

ඉතින් මේ Arun Maini සහ DYI Perks චැනලයෙ අයිතිකරු වෙන matthew Perkins එකතු වෙලා ලෝකේ විශාලම iPhone replica දුරකතනය නිර්මානය කරල තියනවා. මේ දුරකතනයෙ සියලුම විශේෂාංග නිවැරදිව ක්‍රියාකරනවා. ඒවගේම මේ දුරකතනයෙ සියලුම තොරතුරු විශ්ලේෂණය කර මෙය ලොව විශාලතම iPhone දුරකතනයට හිමි ගිනස් ලෝක වාර්තාව ලබාගෙන තිබෙනවා.

Get Your Site Up with A2 Hosting

මෙම දුරකතනයෙ සම්පූර්න උස අඩි 6.74 වෙනවා. ඒවගේම එහි බර රාත්තල් 440 වෙනවා. මෙහි ස්ක්‍රීන් එකට යොදාගෙන තියෙන්නෙ LG 88 inch TV එකක ස්ක්‍රීන් එකක් ටච් ස්ක්‍රීන් එකක් ලෙස ප්‍රතිනිර්මානය කිරිමෙන් පසුවයි. මෙහි කැමරා ලෙස යොදාගෙන තිබෙන්නෙ Canon EOS R5 සහ Sony RX10 Mark 4 යන DSLR කැමරායි.

මෙහි OS එක ලෙස යොදාගෙන තිබෙන්නෙ customize කරන ලද Android system එකක්. එය themes සහ skins යොදාගෙන iOS ලෙස දිස්වෙන ආකාරයට නිර්මානය කර තිබෙනවා. මෙහි තිබෙන hardware, workstation පරිගණකයක තරම් විශිෂ්ට ඒවා. ක්‍රීඩාවන් වල නිරත වීම, චිත්‍රපටි නැරබීම, ඡායාරූප ගැනීම සහ ඉන්ටනෙට් browsing වැනි එදිනෙදා වැඩ සියල්ලක්ම මේ දුරකතනයෙ හොදින්ම වැඩ කරනවා. නිර්මානකරුවන් පවසන ආකාරයට මෙම දුරකතනය නිපදවන්න ඔවුන්ට $70000ක මුදලක් වැයවෙල තිබෙනවා.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *