Press ESC to close

විනාඩි 5න් ෆෝන් චාජ් කරන Realme 320W Supercharge

ලොව වේගවත් ම smartphone බැටරි ආරෝපණ තාක්ෂණය ලෙස Realme සමාගම විසින් 320W supercharge ආරෝපණ තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා.

Realme සමාගම පවසන්නේ මෙම 320W SuperSonic Charge තාක්‍ෂණය හරහා ස්මාර්ට් ජංගම දුරකතනයේ බැටරිය මිනිත්තු 4 යි තත්පර 30 කින් සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන බවයි.
එය විනාඩියකින් 26%ක්, මිනිත්තු දෙකකට අඩු කාලයක දී 50% ට වඩා ආරෝපණය කිරීමට සමත් වේ.මෙය සංසන්දනාත්මක ව දැක්වීමේ දී Realme හි 320W ආරෝපණ තාක්‍ෂණය Redmi හි 300W තාක්‍ෂණයට වඩා තරමක් වේගවත් වන අතර Redmi 300W ආරෝපණ තාක්ෂණය මඟින් විනාඩි 4 යි තත්පර 55 කින් 4,000 mAh බැටරියක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි අතර Realme හි තාක්‍ෂණය මිනිත්තු 5 ට අඩු කාලයකදී 4,400 mAh ධාරිතාවෙන් යුක්ත බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට සමත් වේ.

Get Your Site Up with A2 Hosting


Realme සමාගම මෙම 320W බල ඇඩැප්ටරය “Pocket Cannon” ලෙස හඳුන්වනු ලබයි. Realme කියා සිටියේ Power Cannon, UFCS (320W දක්වා), PD සහ SuperVOOC ඇතුළු ප්‍රධාන ධාරාවේ ආරෝපණ ප්‍රොටෝකෝල සඳහා සහය දක්වන බවයි. එහි එකවර උපාංග දෙකක් ආරෝපණය කිරීමට හැකි ලෙස USB-C පෝට් දෙකක් අඩංගු වේ.

Source :- GSMArena

Leave a Reply

Your email address will not be published. Required fields are marked *