Press ESC to close

Windows වෙනුවට replace වෙන HarmonyOS

Huawei සමාගම ඔවුන්ගේ HarmonyOS Next මෙහෙයුම් පද්ධතිය සමඟ අලුත් ගමනක් යාමට සූදානම් වෙමින් පවතීයි. එහි තවත් එක් පියවරක් ලෙස දැනට වෙළඳපොළේ ඇති Windows සහාය දක්වන Huawei ලැප්ටොප් තොගය , Windows සහාය දක්වන අවසාන ලැප්ටොප් තොගය බවට පත්කරමින්, 2024 අවසානය වන විට ඔවුන්ගේ මෙම HarmonyOS සම්පූර්ණ වශයෙන් භාවිතා කිරීමට හැකි නව ලැප්ටොප් තොගයක් වෙළදපොළට නිකුත් කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වේ.

නමුත් Huawei සමාගමට මුහුණ දීමට ඇති අභියෝග වනුයේ , ‌දැනට පවතින ප්‍රසිද්ද යෙදවුම් HarmonyOS සදහා තවමත් සංවර්ධනට වී නොතිබීම සහ HarmonyOS සඳහා යෙදුම් සංවර්ධනයට සිටින මෘදුකාංග සංවර්ධකයින්ගේ හිඟයක් පැවතීමයි . Huawei සමාගමේ පාරිභෝගිකයින් මෙම HarmonyOS හි ඉදිරි ගමන පිළිබද ඉමහත් බලාපොරොත්තුවෙන් බලා සිටියී. Global Times , මෙම HarmonyOS Next වෙතට පැසසුම් එක් කර ඇති අතර , චීන රජය, ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙස HarmonyOS භාවිතා කිරීමට සැලසුම් දියත් කරමින් පවතියී .එම නිසා Huawei සමාගමට යාමට ඇති මෙම ගමන ඉතා අභියෝගාත්මක ගමනක් වීම නොඅනුමානයි .

Get Your Site Up with A2 Hosting

මීට පෙර Windows මෙහෙයුම් පද්ධතිය සමඟ පැමිණ තිබෙන Huawei ලැප්ටොප් පරිගණක වල, මෙම HarmonyOS Next මෙහෙයුම් පද්ධතිය භාවිත කල හැකිද යන්න Huawei සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත් මෙම ලැප්ටොප් පරිගණක වලට HarmonyOS Next වෙතට යාවත්කාලීන වීමට Huawei සමාගම විසින් අනාගතයේ මෙවලමක් නිකුත් කිරීමට ද ප්‍රවණතාවයක් පවතී.

Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *