Press ESC to close

අලුත්ම Read All විශේෂාංගය WhatsApp වෙතින්

WhatsApp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි සියලුම messages එකවර කියවීමේ හැකියාව. එනම් ඔබත් active WhatsApp පරිශීලකයෙකු නම් දන්නව ඇති private chat සහ group chat විශාල ප්‍රමානයකින් පැමින තිබෙන පණිවිඩ සියල්ලක්ම කියවීම හෝ කියවා ඇති බව දක්වන blue ticks දෙක දැක්වීම කෙතරම් අපහසුද කියල. මේ අලුත් Read all විශේෂාංගයෙන් ඔබට දැන් සියලුම චැට් වල පණිවිඩ වලට කියවා ඇති බව දැක්වෙන mark all as read යන සැකසුම සකසන්න පුලුවන්.

WABetaInfo වෙතින් දක්වා තිබුනු තොරතුරු වලට අනුව WhatsApp beta for Android 2.24.20.19 යන සංස්කරණය සමගයි, මේ විශේෂාංගය ලබාදීලා තිබෙන්නෙ. මෙය සක්‍රීය කරන්න මුලින්ම කලයුත්තෙ WhatsApp විවෘත කර three-dot icon එක මත ක්ලික් කිරීමයි. ඉන්පසු එහි අලුතෙන් එක්කර තිබෙන ඔප්ශන් එක වන Read all මත ක්ලික් කිරීමයි.

Get Your Site Up with A2 Hosting

එය ක්ලික් කිරීමෙන් පසු ඔබේ සියලුම කියවා නොතිබුනු චැට්ස් කියවා ඇති චැට් ලෙස mark වෙනවා. දැනට මෙය Android beta පරිශීලකයන් සදහා පමනක් ලබාදීලා තිබෙනවා. මේ විශේෂාංගය බාවිතා කලවිට Archived chats වල තියන පනිවිඩ වලට කිසිවක් සිදුවන්නෙ නැහැ. ඒවා mark කිරීම ඔබට manually සිදුකරගන්න වෙනවා.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *