Press ESC to close

ඇමරිකාව Kaspersky තහනම් කරයි !

රුසියානු ප්‍රතිවෛරස මෘදුකාංගවල(Antivirus Software) දැවැන්තයෙකු වන Kaspersky සමාගම ඇමරිකානු රජය විසින් තහනම් කර තිබේ.ප්‍රථමයෙන් එරට රාජ්‍ය ආයතනවල භාවිතා කිරීම පසුගිය ජූලී 20 වන දිනසිට තහනම් වූ අතර පසුගිය සැප්තැම්බර් 29 වන දින එරට සියලුම පුරවැසියන්ටද භාවිතා කිරීම තහනම් කරන ලදී.මෙම තහනම් කිරීම් සමග ඇමරිකාවේ පිහිටි සිය කාර්යාල සියල්ල වසා දැමීමට පසුගිය ජූලී මාසයේදී ඔවුන් කටයුතු කළේය.එමෙන්ම සැප්තැම්බර් 29 වන දින Kaspersky Install කරතිබූ පරිගණක සියල්ලෙන්ම මෘදුකාංගය Uninstall කිරීමටද ඔවුන් කටයුතු කර තිබුනි.

නමුත් ඔවුන් Kaspersky වෙනුවට Ultra AV නමින් හැදින්වෙන ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකවල ස්ථාපනය කිරීමට කටයුතුකර තිබුනි.මෙය එක්සත් ජනපදය පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Pango Group විසින් නිර්මාණය කරතිබේ.කෙසේ වෙතත් මෙම ප්‍රතිවෛරස මෘදුකාංගයට හොද ප්‍රතිචාර නොමැතිවීම නිසා පරිශීලකයින් මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පලකර තිබේ.

Get Your Site Up with A2 Hosting

SourcesTech Sunday-PC GUIDE / BBC

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *