Press ESC to close

Telegram හි ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ප්‍රංශ බලධාරීන් විසින් ජනප්‍රිය Messaging යෙදුමක් වන Telegram හි ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov අත්අඩංගුවට ගෙනතිබේ. 2024 අගෝස්තු මස 24 වනදින පැරීසියට ආසන්නව පිහිටා තිබෙන Le Bourget ගුවන් තොටුපලේදී Durov ඔහුගේ පෞද්ගලික ජෙට්‍ යානයෙන් බැසයන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. ප්‍රංශ විමර්ශන අධිකාරියක් වන OFIM විසින් නිකුත් කරනලද වරෙන්තුවකට අනුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ඇතිබව වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීමට අදාල නිශ්චිත චෝදනා ප්‍රසිද්ධ වී නැතත් Telegram හි පරිශීලක දත්ත(User data)හැසිරවීමක් පිලිබදව සිදුකරන විමර්ශනයකට සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි බොහොදෙනෙකු අනුමාන කරයි.

එසේම මෙම අත්අඩංගුවට ගැනීම තාක්ෂණික ලෝකය පුරා දැඩි අවධානයට යොමුවී තිබේ.විශේෂයෙන්ම Telegram වටා ඇති පුද්ගලිකත්ව සහ දත්ත ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් මෙන්ම Telegram හි සමූහ (Group) සහ පුද්ගලියින් අතර සෘජුව කෙරෙන කතාබස්(one-on-one chats) End-to-end encryption යොදා සංකේතනය කර නොමැතිවීම පිලිබදවද විචාරකයින් කනස්සල්ල පලකර ඇති මොහොතක මේ සියලු කාරණා සලකා බැලීමෙන් පසු ප්‍රංශ බලධාරීන් ඔවුන්ගේ විමර්ශනවල කොටසක් ලෙස පරිශීලක දත්ත වෙත ප්‍රවේශය ඉල්ලා සිටිය හැකිබවටද අනුමාන කරයි.නමුත් එවැනි තොරතුරු ලබාගැනීමට ප්‍රංශ බලධාරීන්ට Telegram සමාගමට යම් බලකිරීමක් කලහැකිද යන්න පිලිබදව සමාගම් කළමනාකාරීත්වය තවමත් අදහසක් දක්වා නොමැත.

Get Your Site Up with A2 Hosting

Sources The Verge

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *