Press ESC to close

දුරකතන වෙළදපොලේ මුල්තැන නැවතත් Samsung සමාගමට

පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී අංක එකේ දුරකතන අලෙවි කිරීමේ වාර්තාව නැතිවුනු Samsung සමාගම නැවතත් 2024 මුල් කාර්තුවේදී එම වාර්තාව තමන් සතු කරගෙන තිබෙනවා. දෙසැම්බර් කාර්තුවේදී එම වාර්තාවට හිමිකම් කීවේ ඇපල් සමාගමයි.

ඇපල් සමාගම විසින් මේ වසරේ පළමු කාර්තුවේදී දුරකතන මිලියන 50.1 විකුණා ඇති අතර 2023 වසරේ පළමු කාර්තුවේදී ඔවුන් දුරකතන මිලියන 55.4 විකුණා තිබෙනවා. එය 10% පසුබැසීමක් බවට වාර්තා වෙනවා. 2024 පළමු කාර්තුවේ වැඩියෙන්ම දුරකතන අලෙවි කිරීමේ වාර්තාව Samsung සමාගම හිමිකරගෙන ඇත්තෙ 20.8%ක වෙළදපොල කොටසක් නතු කරගෙනයි.

Get Your Site Up with A2 Hosting

ඇපල් සමාගම සතු වන්නෙ 17.3%ක වෙළදපොල කොටසක් වන අතර Xiaomi සමාගම 14.1%ක්ද Transsion (TECNO, itel, Infinix) සමාගම 9.9%ක්ද, OPPO සමාගම 8.7%ක්ද වශයෙන් බෙදීගොස් තිබෙනවා. පසුගිය වසර වල පැවති වසංගත තත්වයට පසුව දුරකතන වෙළදපොල නැවතත් සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී තිබෙනවා. එය 7.8%ක වර්ධනයක් ලෙස පෙන්නුම් කරනවා. සමස්තයක් ලෙස ගත්විට මේ වසරේ මුල් කාර්තුව තුළ සියලුම දුරකතන සමාගම් විසින් දුරකතන මිලියන 289.4 නිකුත් කර තිබෙනවා.

IDC සමාගම අනාවැකි පළ කරන්නේ දැනට Samsung සහ Apple සමාගම් වෙළඳපොලේ ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වාගෙන ගියත්, චීන දුරකථන නිෂ්පාදකයින්ගේ වර්ධනය ඔවුන්ගේ අලෙවිය පුළුල් කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට එම සමාගම් දෙක සදහාම බල කරන බවයි.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *