Press ESC to close

Threads වල අලුත්ම කඩයිම

X ඇප් එකට තරගකාරයෙකු ලෙස Meta සමාගමෙන් නිකුත් කල Threads මේ වනවිට එනම් 2024 හතරවෙනි කාර්තුව වනවිට පරිශීලකයන් මිලියන 200 සීමාව පහුකරල තියනවා. Threads වල පෝස්ට් එකක් මගින් Instagram හි ප්‍රධානියා වන Adam Mosseri මේ බව තහවුරු කර තිබෙනවා.

Threads ඇප් එකෙ ජනප්‍රිය වීම වේගයෙන් සිදුවන්නක්. 2023 ජූලි මාසයේ මෙය නිකුත් කිරීමෙන් පසු පරිශීලකයන් මිලියන 150 සීමාව 2024 අප්‍රේල් වනවිට පහුකල අතර මිලියන 175 සීමාව ජූලි මාසයේදී පහුකලා.

Get Your Site Up with A2 Hosting

කෙසේනමුත් Threads වල තරගකරුවා වන X ඇප් එකෙ දිනපතා පැමිනෙන පරිශීලකයන් මිලියන 600 සිටිනවා.

පසුගිය වසරෙ Meta සමාගමෙ ප්‍රදානියා වන Mark Zuckerberg පැවසුවේ Threads ඇප් එකට පරිශීලකයන් බිලියනයේ සීමාව පසුකිරීමට ඉක්මනින්ම හැකිවනු ඇති බවයි. මීට අමතරව මේ වනවිට Threads ඇප් එකෙ content suggestion සිස්ටම් එක වැඩිදියුනු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *