Press ESC to close

ඉදිරියෙදි නිකුත් වෙන Nvidia RTX 5090 ගැන අලුත්ම තොරතුරු

ගේමින්ග් ලෝකයේ සියලු දෙනා බලාසිටින තවත් එක දෙයක් තමයි NVIDIA RTX 50 series එක නිකුත් වෙන දිනය කවදාද කියලයි. ඔන්න දැන් Nvidia RTX 5090 කාඩ් එක ගැන විස්තර කිහිපයක් ලීක් වෙලා තියනවා. මේ තොරතුරු කිසිවක් තවමත් නිශ්චිතව තහවුරු කරගන්න විදියක් නැහැ.

මේ ලීක් වුනු තොරතුරු වලට අනුව Nvidia’s GeForce RTX 5090 කාඩ් එක 32GB GDDR7 memory එකකින් සමන්විත වෙනවා. ඒවගේම RTX 5080 කාඩ් එක 16GB memory එකක් සහිතව පැමිනෙනවා. මේ ආකාරයට මෙම කාඩ් වල තොරතුරු නිකුත් කර තිබුනෙ ප්‍රසිද්ධ දෘඪාංග පිලිබද තොරතුරු ප්‍රචාරය කරන Kopite7kimi නම් පුද්ගලයා විසින් ඔහුගේ X ගිණුමේයි.

Get Your Site Up with A2 Hosting

එහි දක්වා තිබුනු තොරතුරු වලට අනුව RTX 5090 කාඩ් වල තියෙන්නෙ GB202-300 GPU එකක් සහ එහි රන් වෙන්නෙ 21,760 FP32 CUDA cores වලින්. ඒවගේම ඒ තොරතුරු වලට අනුව මේ කාඩ් එකට 600W වැනි විශාල පවර් එකක් අවශ්‍ය වෙනවා. කලින් පරම්පරාව වන RTX 4090 කාඩ් එකත් එක්ක සන්සන්දනය කර බලනවිට වොට් 150ක බලයක් වැඩිපුර මේ අලුත් පරම්පරාවේ කාඩ් ලබාගන්නවා.

ඒවගේම ඔහු තවත් පෝස්ට් එකකින් RTX 5080 කාඩ් එකෙ තොරතුරුත් නිකුත් කර තිබුනා. එයට අනුව මේ කාඩ් එක 400Wක පවර් එකක් ලබාගන්නවා. කලින් පරම්පරාව වන RTX 4080 කාඩ් එකට අවශ්‍ය වුනේ 320W පමන බලයක් පමනයි.

මේ කාඩ් නිකුත් වෙන්න බොහෝවිට ඉඩ තියෙන්නෙ 2024 හතවෙනි කාර්තුවෙදි පමන. ඉතින් අනෙක් කාඩ් වලත් තොරතුරු නිකුත් වූ පසුව අපි ඔබව දැනුවත් කරන්නම්.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *