Press ESC to close

AI පරිගනක තාක්ශනය වෙනුවෙන්ම නිපදවු MSI Z890 Motherboard Series එක

MSI සමාගම විසින් හඳුන්වාදෙන අලුත්ම පරම්පරාවේ motherboards, Intel® නවතම Core™ Ultra Processors වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙනවා.

Z890 MEG Series, MPG Series, MAG Series, සහ PRO Series ලෙස motherboards මොඩ්ල් කිහිපයක් හදුන්වාදුන් අතර, Intel නවතම තාක්ෂණයේ බලය භාවිතා කරමින්, පෙර පරම්පරාවලට වඩා වැඩි AI computing කාර්යක්ෂමතාවයක් ලබා දෙන්න හැකියාව මේවාට තියෙනවා. මෙම motherboards, උසස් විශේෂාංග, MSI නවෝත්පාදන, ප්‍රිමියම් කොටස් සහ වැඩිදියුණු කළ connectivity සමඟ විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දෙනවා. එසේම  ඔවුන්ව සැබවින්ම වෙනස් වන්නේ  ඔවුන්ගේ user-friendly DIY solutions නිසා තමයි. ගේමර්ස්ලා , නිර්මාණකරුවන් සහ සියලුම පරිශීලකයින් මත සලකා නිර්මාණය කර ඇති MSI Z890 motherboards, computing බලය තුළ හොඳම දේ ලබා දෙයි. නිකුත් කිරීමේදී, Intel® Core™ Ultra 9 285K, Intel® Core™ Ultra 7 265K / 265KF, සහ Intel® Core™ Ultra 5 245K / 245KF processors ලෙස models 5ක් ලබා ගත හැක.

Get Your Site Up with A2 Hosting

MSI Z890 motherboards, Performance ඉහළ නැංවීමට සම්පූර්ණයෙන්ම නැවත නිර්මාණය කරලා තියෙනවා වගේම, වඩාත්ම හොද BIOS එකක් සමඟ, පරිශීලකයින්ට දැන් motherboard Performance පහසුවෙන් උපරිමයට පත් කළ හැක. MSI’s Ultra Engine බලයෙන්, memory design optimization, Z890 motherboard පරාසය පුරා 9200+ MT/s දක්වා overclocking කිරීමටත් හැකියාව තියෙනවා. Overclocking සදහාම නිර්මාණය කර ඇති MEG Z890 UNIFY-X නැවත පැමිණීමත් සමඟ, memory frequencies තවත් ඉහළ නැංවීය හැක, එය 9600 MT/s දක්වා ළඟා වේ. Z890 motherboards සමග , AI Boost සහ  NPU මගින් තවදුරටත් overclock කිරීමේ හැකියාව සමඟ AI වැඩිදියුණු කිරීමේ හැකියාවන්, Game Boost, Performance Preset, වැඩිදියුණු කරන ලද XMP Memory Profiles, සහ Memory Try It! වැනි බලවත් විශේෂාංග රැසක් අන්තර්ගත වෙනවා.

මෙම නවතම motherboard පෙළ සමග MSI’s Ultra Connect, Thunderbolt™ 4, Intel® Killer™ 5G LAN සහ Intel® Killer™ Wi-Fi 7 තාක්ෂණය වැනි ඊළඟ පරම්පරාවේ connectivity විකල්ප හඳුන්වා දෙනවා. 5.8 Gbps දක්වා වේගයන් සහ 320Hz channel bandwidth ලබා දෙන්න මේවායේ හැකියාව තියෙනවා . TriLink Connectivity සහ PCIe Gen 5.0 සහාය සමඟ, මෙම motherboards, ඊළඟ පරම්පරාවේ graphics cards සහ SSDs වෙනුවෙන්ම  අනාගතයට සරිලන පරිදි නිර්මාණය කරලා තියෙනවා. තවද, Thunderbolt™ 4 port, data transfer වේගය වේගවත් කිරීම, display output සහ Daisy-chain සහාය ඇතුළු විවිධ උපාංග සමඟ අනුකූලතාව සහතික වෙනවා .සියලුම MSI Z890 motherboards වල , අනාගත Thunderbolt standards සඳහා expansion card මඟින් අනාගතයට සූදානම් ලෙස Thunderbolt 5 header එකක් ද ඇතුළත් කරලාත් තියෙනවා.

MSI විසින් තවදුරත් වැඩි දියුණු කරන ලද, user-friendly ඩිසයින් එකත් EZ DIY features සමඟ, build කිරීම සහ upgrade කිරීමේ ක්‍රියාවලිය සරල කරලා තියෙනවා. මෙහි අලුත් EZ PCIe සහ EZ PCIe Clip II මගින්, graphics card ඉවත් කිරීම වේගවත් සහ පහසු කර තියෙනවා , EZ PCIe Release මත ලබා ගත හැකි දෙවන පරම්පරාවේ Steel Armor II සමඟ, PCIe slot ශක්තිමත්භාවය හා කල්පැවැත්ම  වැඩි දියුණු කරමින් බරින් වැඩි  GPU වලට සහාය දක්වනවා. EZ M.2 Shield Frozr II, EZ Magnetic M.2 Shield Frozr II, සහ EZ M.2 Clip II, M.2 මගින් උපකරණ නොමැතිව පහසුවෙන් සවි කරගැනීමේ හැකියාවත් තියෙනවා. EZ Conn-Design, EZ Antenna, සහ Debug LED display වැනි අමතර විශේෂාංග, cable management සහ troubleshooting තවදුරටත් පහසු කරලා තියෙනවා

(Picture of EZ DIY Features, EZ PCIe Release, EZ M.2 Clip II, EZ Magnetic M.2 Shield Frozr II and EZ Antenna)

සියලුම MSI Z890 motherboards, ATX 3.1 Ready වන අතර, AI computing සහ GPU-heavy tasks සඳහා අවශ්‍ය උපරිම බලය ලබා දීමට  8-pin Supplemental PCIe Power Connector එකක් අන්තර්ගතයි. 2.5x power excursions දක්වා සහාය සමඟ, මෙම motherboards, ඉතාමත් බලගතු වගේම කාර්යක්ෂමව වැඩ කිරීමට නිර්මාණය කරලා තියෙනවා.

(8-pin Supplemental Power Connector)

MEG Z890 Series – Pioneering Performance and Innovation

(Picture of MEG Z890 GODLIKE / ACE / UNIFY-X)

MEG Z890 UNIFY-X නැවත පැමිණීමත් සමඟ, Z890 MEG Series දැන් වැඩි දියුණු කරන ලද performance සහ design සමග සන්නද්ධ වෙලා තියෙනවා. 26-phase Duet Rail Power System එකත්  VRM designs දක්වා විශේෂාංග සහිතව, MEG Z890 Series, ඉතාමත් බලගතු වගේම පහසුවෙන් කළමනාකරණය කරන්නත් පුලුවන්. මෙම පරම්පරාවේ MEG Z890 GODLIKE, EZ Link design නවතම විශේෂාංග කිහිපයක්  හඳුන්වා දෙනවා, ඉදිරි පැනල්, fan, සහ RGB headers, EZ Bridge සහ EZ Control Hub වෙත ඒකාබද්ධ කිරීමෙන් cable management පහසු  කරනවා. මෙම නවෝත්පාදනය, ක්‍රියාකාරීත්වය උපරිම කරමින්, වඩාත්ම clean  සහ organized  build එකක් නිර්මාණය කරන්න පුලුවන් හැකියාව තියෙනවා.

MEG Z890 UNIFY-X හි exclusive Tuning Controller, පරිශීලකයින්ට overclocking සීමා ඉහළ නැංවීමට ඉඩ සලසනවා. එය built-in EZ Digit Debug LED display එකක් සමඟ සජීවී troubleshoot වලට ඉඩ ලබා දෙන අතර, පරිශීලකයින්ට ගැටළු වේගයෙන් හඳුනා ගැනීමට උපකාරී වේ. අමතර පාලකයන් CPU frequencies පහසුවෙන් සැකසීමට ඉඩ සලසන අතර, වඩාත් වේගවත් හා කාර්යක්ෂම අත්දැකීමකට ඉඩ සලසයි.

(MEG Z890 UNIFY-X Tuning Controller)

MEG Z890 GODLIKE, පරිශීලක අත්දැකීම තවත් වැඩි දියුණු කිරීමට නිර්මාණය කළ exclusive expansion cards දෙකක් සමඟ පැමිණේ: THUNDERBOLT™ 5 expansion card සහ M.2 XPANDER-Z SLIDER GEN5. THUNDERBOLT™ 5 card, dual Thunderbolt 5 ports සමඟ, 160Gbps දක්වා මුළු bandwidth එකක් සහ 27W දක්වා වේගවත් power delivery එකක් ලබා දෙයි.M.2 XPANDER-Z SLIDER, dual high-speed Gen5 M.2 slots සහ EZ Slide design එකක් සමඟ, SSD upgrades පහසුවෙන් කරගන්නත් පුළුවන්.

(THUNDERBOLT™ 5 Expansion Card & M.2 XPANDER-Z SLIDER GEN5)

MPG Z890 Series – Elevate Your Premium Gaming Experience

MPG Series, සියලුම වර්ගයේ පරිශීලකයින්ට ගැලපෙන විවිධ ශෛලීන් දෙකක් අන්තර්ගත කරමින්, ඒ වගේම premium gaming අත්දැකීමක් ලබා දෙයි. එහි Carbon Black හෝ Silver White design එක, subtle RGB lighting සමඟ, ඕනෑම gaming PC build එකකට පරිපූර්ණව ගැලපේ.

(MPG Z890 EDGE TI WIFI & CARBON WIFI)

20-phase Direct Power Phase design සහ 110A Smart Power Stages දක්වා විශේෂාංග සහිතව, MPG Z890 series, ඉතාමත් බලගතු Intel® Core™ Ultra desktop processors පහසුවෙන් කළමනාකරණය කරයි. Heat-pipe එකක් සමඟ විශාල heatsink එක, කාර්යක්ෂම cooling සහ optimal thermal performance පවත්වා ගනී.

(MPG Z890 EDGE TI WIFI & CARBON WIFI heatsink design)

MPG Z890 series, Intel® Killer™ 5G LAN, Wi-Fi 7, සහ Thunderbolt™ 4 සහාය සමඟ, ඊළඟ පරම්පරාවේ උපාංග සඳහා උසස් connectivity ලබා දෙන්න නිර්මානය කරලා තියෙනවා. I/O, 2x Thunderbolt™ 4 DisplayPort output සහ 27W power delivery සමඟ front USB Type-C header එකක් ඇතුළත් වෙන අතර, MSI’s EZ DIY features, PC build කිරීම සහ upgrade කිරීම පහසුවෙන් කර ගන්න පුළුවන්.

MAG Z890 Series – Rugged Design, Reliable Performance

MSI Arsenal Gaming හි උරුමය තවදුරටත් පවත්වාගෙන යමින්, MAG Z890 TOMAHAWK WIFI, විශ්වාසනීයතාව සහ නවෝත්පාදනය මිශ්‍ර කරමින් විශිෂ්ට වටිනාකමක් ලබා දීලා තියෙනවා, එහි ඉහළම කාර්ය සාධනය සහ විශේෂාංග රැසක් සමඟ, PC gamers සහ ඔවුන්ගේම desktop computers build කිරීමට කැමති පුද්ගලයින් සඳහා ඉතාමත් සුදුසු තේරීමක් වේ.

එහි sleek black design එක ඕනෑම build එකකට පරිපූර්ණව ගැලපේ. නමුත් එය සැබවින්ම වෙනස් කරන්නේ එහි performance. 16-phase Duet Rail Power System, 90A Smart Power Stages, සහ Extended Heatsink එකක් සමඟ, MAG Z890 TOMAHAWK WIFI, Intel® Core™ Ultra desktop processors සඳහා ඉහළම performance සහතික කරයි

(MAG Z890 TOMAHAWK WIFI)

MAG Z890 TOMAHAWK WIFI, MSI’s EZ DIY philosophy එකට අනුකූලව, PC build කිරීමේ නවකයින්ට පවා graphics cards, M.2 SSDs, heatsinks, සහ Wi-Fi antennas පහසුවෙන් ස්ථාපනය කිරීමට ඉඩ සලසයි. Intel® Killer™ Wi-Fi 7, blazing-fast wireless connectivity සහ Intel® Killer™ 5G LAN, ultra-fast wired networking සඳහා සහාය දක්වයි, seamless networking options ලබා දෙයි. පසුපස I/O panel එක, DisplayPort output සහිත 2x Thunderbolt™ ports, 4x USB 10G (3 Type-A & 1 Type-C), 6x USB 5G (Type-A), 4x USB 2.0 ports, සහ 27W power delivery සඳහා සහාය දක්වන front USB Type-C header එකක් මෙහි ඇතුළත් කරලා තියෙනවා.

PRO Z890 Series – Merging Business Sophistication with Powerful Performance

MSI PRO Z890 Series, වැඩ, ව්‍යාපාර, හෝ දෛනික කාර්යයන් සඳහා පරිශීලක අවශ්‍යතා පරාසයක් සපුරාලීමට නිර්මාණය කර ඇති අතර, Intel’s Z890 chipset බලය ගෙවන මුදලට විශාල වටිනාකමක් ලබා දෙයි. මෙම motherboards, sleek silver design එකක් සහ 16-phase Duet Rail Power System දක්වා විශේෂාංග සහිතව, ස්ථායි සහ විශ්වාසනීය performance එකක් සහතික කරයි.

(PRO Z890 Series motherboards)

මිනිමාලිස්ට්(Minimalist) නිර්මාණ ප්‍රවණතාවයට අනුකූලව, PRO Z890 Series, EZ M.2 Shield Frozr II සහ EZ M.2 Clip II වැනි විශේෂාංග සමඟ build කිරීම සරල කරයි, M.2 ස්ථාපනය කලින් කිසිදාටත් වඩා පහසු කරයි. විශාල EZ PCIe Clip II, graphics cards ස්ථාපනය සහ ඉවත් කිරීම තවදුරටත් පහසු කරලා තියෙනවා. Connectivity සඳහා, Intel® Wi-Fi 7, Realtek 5G LAN, සහ Thunderbolt™ 4 සහාය දක්වනවා

වැඩිදුර විස්තර පහළ Links ඔස්සේ ඔබට ලබාගන්න පුළුවන්,

MSI GAMING: https://www.msi.com/
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/msigaming/
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *