Press ESC to close

AI පරිගණක තාක්ෂනයටම විශේෂයෙන් නිමවූ – නවතම MSI X870(E) Motherboards

පසුගියදා MSI සමාගම විසින් X870E සහ X870 ලෙස Motherboards වර්ග ද්විත්වයක් හදුන්වා දුන්නා. ඉතින් මේ  Motherboards විශේෂයෙන්ම හදුන්වාදී තිබෙන්නේ නවතම AMD’s Ryzen™ 9000 Series එකේ processors වල උපරිම performance ලබා ගන්න පුළුවන් වෙන විදියටයි.

මෙම ද්විත්වය යටතේ නිකුත් වුනු model 4ක් තියෙනවා .ඒ තමයි MEG X870E GODLIKE, MPG X870E CARBON WIFI, MAG X870 TOMAHAWK WIFI, සහ  PRO X870-P WIFI එක. මෙම Motherboards වල නවතම තාක්ෂණයත් MSI සමාගමට පමණක් අනූන වූ නවෝත්පාදනයන්ගෙන්ද සමන්විත වෙනවා.

Get Your Site Up with A2 Hosting

මෙම නවතම Motherboards සමග හදුන්වාදෙන විශේෂාංගයක් ලෙස Ultra Connect දක්වන්න පුළුවන්. මෙමගින් නව පරම්පරාවේ networking, storage, සහ expansion වලට සහය දක්වනවා.

එසේම මෙම Motherboards සමග එන 5G LAN සහ  Wi-Fi 7 තාක්ෂනයන් මගින් පරිශීලකයින් සදහා අධිවේගී අන්තර්ජාල(up to 5.8 Gbps) භාවිතයට ඉඩකඩ සපයනවා. ඒ වගේම , මෙම Motherboards වල නවතම PCIe 5.0 තාක්ෂනයත්, USB4 (Thunderbolt compatible) තාක්ෂනයන්ද අඩංගු වෙනවා. ඒ මගින් විශාල පරාසයක නව මාදිලියේ උපාංග රැසක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

MSI සමාගම විසින් හදුන්වාදුන් EZ DIY විශේෂාංගය මගින් පරිශීලකයින්ට නිවසේදීම තමන්ගේ පරිගණකය build කරගන්න වගේම upgrade කරගන්න පුළුවන් වුනා එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම නව Motherboards පෙළ සමග EZ PCIe නම් නව විශේෂාංගයක් එක් කර තිබෙනවා එමගින් පහසුවෙන් graphics කාඩ් එකක් සවි කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම PCIe slot එක ශක්තිමත් කරමින් නව බරින් වැඩි  graphics කාඩ් දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර තිබෙනවා. එය Steel Armor II ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම උපකරණ රහිතව පහසුවෙන් උපාංග සවි කල හැකි අයුරින්  EZ M.2 Shield Frozr II, EZ Magnetic M.2 Shield Frozr II, සහ EZ M.2 Clip II විශේෂාංග හදුන්වා දී තිබෙනවා. EZ Conn-Design සහ EZ Antenna මගින් පහසුවෙන් පරිගණකය එකලස් කරන්නත් cable management පහසු කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් Debug LED display ලබාදීලා තියෙනවා පහසුවෙන් දෝෂ හදුනාගැනීමට හා නිරාකරණය පහසු කරන්න.

අමතරව මෙම නව Motherboards මාදිළියන්ට ATX 3.1 සහ අමතර 8-pin PCIe Power Connector(2.5x power excursions) ලබා දී තිබෙන්නේ AI පරිගණක තාක්ෂනයන් සහ GPU එකට වැඩි බලයක් අවශ්‍ය කාර්යයන් පහසුවෙන් කාර්යක්ෂමව සිදු කර ගැනීමටයි.

MEG X870E GODLIKE

මෙම නව MEG X870E GODLIKE මාදිළිය performance වගේම design එකෙනුත් විශාල වෙනසක් ඇති කරලා තියෙනවා. මෙහි ඇති අගල් 3.99 LCD screen එක මගින් real-time hardware monitoring, troubleshooting, BIOS updates සහ අපිට කැමති අයුරින් display වෙනස් කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මීට පෙර දැක්වූ සේම  EZ Link, EZ Bridge සහ  EZ Control Hub යන විශේෂාංග මගින් ගොඩක් clean සහ හොද cable management එකක් සහිත pc build එකක් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

තව විශේෂ හැකියාවක් වන්නේ මෙහි එන M.2 XPANDER-Z SLIDER GEN5  කාඩ් එකයි. එමගින් පහසුවෙන් අමතර M.2 SSD සදහා ඉඩ ලැබෙනවා වගේම පහසුවෙන් සවි කිරීමත් රත් වීම අඩු කිරීමත් සිදු කරනවා.

Connectivity එක ගැන කතා කරනවනම් මෙම Motherboard එකේ Marvell 10G LAN, Realtek 5G LAN, Wi-Fi 7, සහ USB4, නව තාක්ෂනයන් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම පිටුපස I/O panel එකේ 2 x USB 40G DisplayPort output, 13 x USB 10G (5 x Type-C & 8 x Type-A), Smart Button විශේෂාංගයත් අද කාලයට නැතුවම බැරි 60W බලයක් ලබාදෙන USB Type-C header එකකුත් තිබෙනවා.

MPG X870E CARBON WIFI

උසස් ගණයේ gaming experience එකක් ලබාගත හැකි ලෙස නිමවූ මෙම මාදිළිය එහි මිලට උපරිම වටිනාකම ලබාදෙනවා. gaming build එකක අලංකාරය වැඩි කිරීමට අත්‍යවශ්‍ය RGB lighting වගේම black design එකත් මෙහි අඩංගු වෙනවා. මෙම මාදිලියේ වැඩි බලයක් ලබා ගැනීමට තියෙන හැකියාව(18-phase Duet Rail Power System ) වගේම 110A Smart Power Stages මගින් මෙය AMD Ryzen™ desktop processors වඩාත්ම උචිත වන Motherboard එකක් බව දක්වන්න පුළුවන්. අමතරව gaming වලදී බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වන heat වීම අවම කිරීමට උදව් වෙන වැඩි දියුණු කරන ලද Heatsink සමග Heat-Pipe මේ සමග අන්තර්ගත වෙනවා.

Connectivity ගැන කතා කරොත් නව තාක්ෂනයන් වන 5G සහ 2.5G LAN, Wi-Fi 7, USB4 උපාංග මෙයට support කරනවා. පිටුපස I/O panel එකේ 2x USB 40G DisplayPort output, 11x USB 10G (2 x Type-C & 9 x Type-A) සහ  Smart Button ඇතුලත්ය. 27W බලයක් ලබාදෙන USB Type-C header එකකුත් තිබෙනවාConnectivity ගැන කතා කරොත් නව තාක්ෂනයන් වන 5G සහ 2.5G LAN, Wi-Fi 7, USB4 උපාංග මෙයට support කරනවා. පිටුපස I/O panel එකේ 2x USB 40G DisplayPort output, 11x USB 10G (2 x Type-C & 9 x Type-A) සහ  Smart Button ඇතුලත්ය. 27W බලයක් ලබාදෙන USB Type-C header එකකුත් තිබෙනවා

MAG X870 TOMAHAWK WIFI

මීට පෙර සදහන් කරන ලද gaming motherboard මාදිලියට වඩා මෙය වෙනස් වන්නේ මෙය බලාත්මක වන්නේ 14-phase Duet Rail Power System, 80A Smart Power Stages මගිනුයි. ඒ වගේම දීර්ග gaming sessions වලට ඔරොත්තු දෙන අයුරින් මෙය නිර්මාණය කරලා තියෙනවා. නමුත් RGB සහ display එකක්නම් අඩංගු වෙන්නේ නෑ.

මෙහි WiFi 7 සහ 5G LAN  තාක්ෂණයද අඩංගු වෙනවා. පිටුපස I/O panel එකේ 2x USB 40G  DisplayPort output, 2x USB 10G (Type-A), 3x USB 5G (Type-A), 4x USB 2.0 ports වගේම  27W බලයක් ලබාදෙන USB Type-C header එකකුත් තිබෙනවා.

PRO X870-P WIFI

මේ motherboard මාදිලිය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ work, business, වගේම  daily use වලටයි. budget AMD build එකකට යනවනම් ගෙවන මුදලට වටින performance එකක් දෙන motherboard එකක් කියලා කියන්න පුළුවන්.  Silver design එකක් තියෙනවා වගේම 14-phase Duet Rail Power System මෙහි අඩංගු වෙනවා.

මෙහි WiFi 7, 5G LAN සහ USB4 තාක්ෂණයද අඩංගු වෙනවා. පිටුපස I/O panel එකේ 1x USB 40G (Type-C), 1x USB 20G (Type-C), 2x USB 10G (Type-A), 2x USB 5G (Type-A), සහ  4x USB 2.0 ports අඩංගු වෙනවා.

ඉතින් AMD Ryzen™ 9000 Series එකේ desktop processors වලටම නිමැවූ මෙම motherboard පෙළ එම Series එකේ උපරිම performance ලබාගැනීම උදෙසා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වැඩි විස්තර MSI වෙබ් සයිට් එකෙන් ඔයාලට ලබාගන්න පුළුවන්.

MSI GAMING:https://www.msi.com/
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/msigaming/
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI Twitter: https://twitter.com/msitweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *