Press ESC to close

MSI AMD Ryzen™ 9000 Series එකේ Processors

අලුත්ම AMD Ryzen 9000 series එකේ Processors නිකුත් කරනව කියපු නිවේදනය ගැන MSI සමාගම තමන්ගෙ අළුත්ම Motherboards සමගින් සතුටින් ඔවුන්ගෙ usersලට දැනුම් දෙනව. අලුත්ම X870 චිප්සෙට් එකෙනුයි 4nm CPU වල Technology එකෙන් බල ගැන්වෙන මේ Ryzen 9000 series එක නිසා Gamersලට වගේම Content Creatorsලටත් ලොකු Performance එකක් ගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම Ryzen™ 9 9950X, 9900X, Ryzen™ 7 9700X, සහ Ryzen™ 5 9600X විදිහට AMD Ryzen 9000 series එකේ CPU වර්ග 4ක් තියෙනවා. මේ හැම එකක්ම AM5 Socket, AMD 600 series එකේ motherboardsවලට Support කරනව.

Get Your Site Up with A2 Hosting

මේ අවුරුද්දේ COMPUTEX 2024දී MSI කුටියට ආපු visitorsලට MAG X870 TOMAHAWK WIFI සහ PRO X870-P WIFI කියන Models දෙකෙන් බලා ගන්න පුලුවන් වුනා.

MSI X870 Motherboards වල විශේෂත්වය

RYZEN 9000 අලුත්ම generation එකට ආපු motherboards වල MSIල අලුතින්ම හදුන්වල දීපු “EZ PCIe Release” එක සහ “EZ PCIe Clip II” වගේ feathers ගොඩක් නිකුත් කරල තියෙනවා. මේ EZ PCIe Release එක නිසා X870-based motherboard එකේ PCIe Gen 5.0 Slot එකේ සවි කරල තියෙන graphic cards පහසුවෙන්ම ගලව ගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම මේ graphic cards ගත්තොත් එහෙම ඒවායේ size එක වගේම බරත් නිසා motherboard එක වෙහෙසට පත් කරන්න පුලුවන්. මේකටත් විසදුමක් විදියට MSIල අමතර anchor points තුනක් වගේම slots වලට thicker materials පාවිච්චි කරල තියෙනවා. මේ වෙනස් කිරීම කලින් තිබුණ PCIe Steel Armor slot එක්ක බලනකොට 121%ක් විතර ශක්තිමත් වෙනවා. ඒ වගේම graphic cards වල බර වගේ තුන ගුණයකට වුනත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔරොත්තු දෙන්න පුලුවන් කියලා මෙයාල සහතික කරල තියෙනවා.

MSI වල second generation එකේ EZ M.2 Clip II හදුන්වල දීම නිසා M.2 SSD install කරන්න වගේම remove කරන්නත් කලින්ට වඩා දැන් ගොඩක්ම ලේසි වෙලා තියෙනවා. ඒ වගේම Screwless design එකත් එක්ක එන Screwless M.2 Frozr එකට සරල squeeze එකක් දුන්නම සම්පූර්ණයෙන්ම open කරන්නත් පුලුවන් වෙලා තියෙනවා. M.2 SSD එකත් මේ විදියටටම lock කරන්න පුලුවන් වගේම open කරන වෙලාවට වමට පොඩ්ඩක් අදින්න විතරයි තියෙන්නෙ.

අලුත් Devices වෙගෙන් දියුණු වෙනවත් එක්කම MSI motherboardsසුත් ඒවට දෙවෙනි වෙන්නෙ නැතුව වෙගෙන් Update වෙන්න පටන් අරන් තියෙනව. ඒ වගේම සියලුම X870 motherboards Lightning PCIe Gen 5.0 සහ M.2 slots වලින් සමන්විත වෙනව වගේම අලුත්ම Devices වල bandwidth potential එකත් උපරිම කරල තියෙනවා. මීටත් අමතරව සියලුම MSI X870 motherboards වල USB 4 connector එකක් තියෙන නිසා 40GB/s වගේ ගොඩක් ලොකු වෙගයක් ලබා ගන්නත් පුලුවන් වෙනවා.

මේ lightning-fast-storage එකට අමතරව ගොඩක්ම speed data transfer එකක් වගේම කිසිම බාධාවක් නැතුව networking experience එකක් ගන්නත් පුලුවන් වෙනවා.MSIල WIFI antenna module එකත් quick-release mechanism එකක් එක්ක upgrade කරල තියෙන නිසා ඕනිම PC එකකට ගොඩක්ම පහසුවෙන් install කරන්න පුලුවන් වෙලා තියෙනවා. MAG X870 TOMAHAWK WIFI සහ PRO X870-P WIFI කියන දෙකම අලුත්ම 5G LAN, Wi-Fi 7 වගේම Bluetooth 5.4 technology එකෙන් සමන්විත වෙනවා. මේ හැම දෙයක්ම Gamersලට වගේම Content Creatorsලටත් ගොඩක්ම හොද experience එකක් ගන්න පුලුවන් වෙනව කියල මෙයාල සහතික කරලත් තියෙනවා

AMD Ryzen 9000 series එකේ Processor වලින් බලගැන්වෙන අලුත්ම අත්දැකීම අත්විදින්න MSI සමග රැදී සිටින්න – http://www.msi.com/

MSI GAMING: https://www.msi.com/

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram:  https://www.instagram.com/msigaming/

MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter: https://twitter.com/msitweets

Subscribe to MSI RSS Feeds via https://www.msi.com/rss for real-time news and more product info.

MSI Gaming ගැන.

ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය Gaming සම්මානයක් වෙන MSI කියන්නෙ eSports වලත් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් වෙනවා. Gamers ගොඩක්ම බලාපොරොත්තු වෙන හොද පාලනයක්, smooth performance එක, realistic visuals, sounds වගේ දේවලුත් MSIල උපරිම මට්ටමෙන් ලබා දීල තියෙනවා.
වැඩිදුර තොරතුරු සදහා – https://www.msi.com/

MSI Content Creation ගැන.

MSI කියන්නෙ ලෝකයේ තියෙන trailblazer සහ digital brand අතින් ඉහලින්ම පිලිගැනෙන සමාගමක් වෙනවා. Content Creation Series එකේදි stunning color accuracy, දිගු battery life එක ගොඩක්ම හොදින් උපරිමයෙනම අපිට ලබා ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම photographers, graphic designers, 3D animators, video editors වගේම අනෙකුත් Professionalsලටත් MSIල ගොඩක් හොඳ experience එකක් ලබල දීල තියෙනවා.
වැඩිදුර තොරතුරු සදහා – https://www.msi.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *