Press ESC to close

දැන් Instagram profile එකට ඔබ කැමති තේමා ගීතයක්

මෙටා සමාගමෙන් Instagram වෙත අලුත් විශේෂාංගයක් හදුන්වා දී තිබෙනවා. ඒ තමයි අපේ profile එකට music ඇඩ් කිරීමේ හැකියාව.

මෙය සිදුකරන්න කලයුත්තෙ edit profile වෙත ගොස් Instagram library එකෙන් ඔබට ඇඩ් කරගැනීමට අවශ්‍ය ගීතය සොයාගැනීමයි. එනම් ඔබ Instagram stories හෝ Reels නිර්මානය කිරීමේදී ගීතයක් තෝරාගන්නා ආකාරයටමයි. ඒ ආකාරයට තෝරාගත් ගීතයෙන් තත්පර 30 කොටසක් ඔබට අවශ්‍ය පරිදි තෝරගන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

ඉතින් මේ විශේෂාංගයේදී ඔබ තවත් අයෙකුගේ profile එකකට ගිය විට මෙසේ ඇඩ් කර ඇති ගීත ඉබේ ප්ලේ වෙන්නෙ නැහැ. ඒ සදහා ඔබට profile එකෙ දිස්වන ගීතය මත ක්ලික් කර ප්ලේ කිරීමට සිදුවෙනවා. මේ ආකාරයට දිස්වන ගීත ඔබට අවශ්‍ය ඕනෑම විටක ඉහත විස්තර කල ආකාරයට ගොස් වෙනස් කරගන්න පුලුවන්.

මේ ආකාරයේ විශේෂාංගයක් එක්කර තිබෙන්නෙ එක් එක් පුද්ගලයන්ගෙ ගීත රසවින්දනය පෙන්වීම මගින් එක සමාන රසවින්දනයන් සහිත පිරිස් එක් කිරීමත් පරිශීලකයන්ගේ creative expressions විදහා දැක්වීමටත් බවයි මෙටා සමාගමෙන් සදහන් කර තිබෙන්නෙ.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *