Press ESC to close

කලින්ම Apple Intelligence ඔබේ iPhone එකෙන් බාවිතා කරන හැටි

Apple සමාගම පසුගිය ජූනි මාසයේදී Worldwide Developer Conference එකේදි නිවේදනය කල සමහර Apple Intelligence විශේෂාංග මේ වනවිට නිකුත් කරමින් සිටිනවා. මෙය developer beta iOS 18.1 සංස්කරණය සමගයි නිකුත් වෙන්නෙ.

මේ නිකුත් කරන්නෙ developer beta සංස්කරණයක් සමග නිසා බොහෝවිට විවිධ දෝශ මෙහි තිබෙන්න පුලුවන්. මෙහි public beta සංස්කරණය ලබන මාසයේදි නිකුත් වන අතර stable සංස්කරණය මේ වසරේ අවසානයෙ නිකුත් වෙනවා.

Get Your Site Up with A2 Hosting

ඔබත් developer beta සංස්කරණය සදහා ලියාපදිංචි වී සිටිනව නම් ඔබට language එක US English විදියට වෙනස් කලයුතු වෙනවා. ඒවගේම region එක US ලෙස වෙනස් කල යුතු වෙනවා.

ඔබට Apple Intelligence විශේෂාංග බාවිතා කලහැක්කෙ මේ ආකාරයට:

  • මුලින්ම Settings ඇප් එක ඕපෙන් කරන්න.
  • ඉන්පසු Apple Intelligence & Siri මෙනු එකට යන්න.
  • Join the Apple Intelligence waitlist ඔප්ශන් එක මත ක්ලික් කරන්න.

ඉන්පසු ඔබ තේරූ waitlist ඔප්ශන් එක approve උනාට පස්සෙ notification එකක් මගින් ඔබට දැනුම් දෙනවා. ඉන්පසු අප්ඩේට් එකක් මගින් Apple Intelligence විශේෂාංගය ඔබගේ දුරකතනයට බාගත වනු ඇත.

දැනට මෙ Apple Intelligence විශේෂාංගය compatible වෙන්නෙ iPhone 15 pro, iPhone 15 pro max, iPad සහ M1 chip රන් වෙන Mac පරිගණක වලට පමනයි.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *