Press ESC to close

Desktop එකටත් එන Harmony OS NEXT

2019දි huawei සමාගමට පැනවූ ඇමරිකානු සම්බාධක සමග ආරම්භ කල Huawei Harmony OS එක පළමුව AOSP (Android Open Source Project) එකම භාවිතා කරමින් හදුන්වා දුන්නා. මින් අවුරුදු 5කට පසු 2024දී පළමු වරට Harmony OS NEXT එක Android වලට කිසිසේත්ම සම්බන්ධ නොවන OS එකක් ලෙස නිකුත් කරන්නයි Huawei සූදානම් වෙන්නෙ.

මේ නව Harmony OS Next එක සමගම huawei සමාගම Desktop සදහාද MAC OS වැනි Ui එකක් සමගින් මෙම harmony OS එක පැමිණිය හැකි බවට ඔවුන්ගේ Marketing වලදී පින්තූර එක් කරමින් ඉන්නවා. ඉහත පින්තූරයේ දැක්වෙන ලෙස phone, Tabs වගේම Desktop එකකුත් අඩංගු කිරීම මෙයට හොදම උදාහරණයක්.

Get Your Site Up with A2 Hosting

මේ වනවිටත් Open-Harmony OS එක laptop වල Test කරන Video කීපයක්ද දැකගන්න පුළුවන්.

නව harmony OS Next එක AOSP Libraries භාවිතා නොකරන අතරම මින් පෙර harmony OS එකට apk Files run කිරීමට තිබූ හැකියාවත් මෙයින් නැතිවෙනවා. මේ සමගම harmony OS එක සදහාම App නිර්මාණය කරන්නට සිදු වන අතර මේ වනවිටත් චීනය තුල Apple සමාගමට වඩා ප්‍රතිශතයක් harmony OS එකට ලබාගෙන Apps පවා Develop වෙන තත්වයකට එය ප්‍රචලිතව තිබෙනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *