Notifications
Clear all

WD colors

5 Posts
5 Users
0 Reactions
179 Views
0
Topic starter

ඈයි Western Digita ලගේ (අනිත් brands වලත් එහෙමද දන්නේ නෑ) HDD colors වලට වෙන් කරලා තියෙන්නේ (ex:නිල් , කොල , කලු  , රතු) වගේ. මේවගේ speed වල වෙනසක් තියනවද....? gaming වලට වගේ හරියන්නේ මොන colors ද.......?

.............................thanks...........................................

5 Answers
0

මෙහෙමයි,

නිල් පාට තමා සාමාන්‍ය standard  HDD එක

කොළ පට ඒවා පරිසර හිතකාමී ඒ කියන්නේ ඊයම් වගේ ඒවා නැ. තව rare ඒවා පාවිච්චි කරන්නේ නැ

රතු පාට ඒවා තියෙන්නේ network වලට වැඩ කරන්න හොදට වැඩ කරන්න

කළු පාට ඒවා high performance ඒ වල speed එක වගේ වැඩි අනික් ඒවාට වඩා

0

WD Blue
එදිනෙදා භාවිතයට සුදුසුයි. Gaming, Office PC වගේ ඕනම දේකට ගැලපෙනව. සාමානයෙන් 500GB වල ඉදන් 6TB වෙනකම් Capacity තියෙනව. Cache එක උපරිම 64MB.

WD Green
Green එක දැන් HDD line up එකේ නැහැ. මෙතනදි Blue එකේ වගේම setup එකක් තමයි එන්නෙ. හැබැයි performance ටිකක් අඩුයි. හැබැයි power එක අඩුවෙන පාවිච්චි වෙන්නෙ. මේක ගන්නවට වඩා blue එකක් ගන්න එක හොදයි. දැන් WD සමාගම Green එක යටතේ M2 / SSD තමයි හදන්නෙ.

WD Blacks
Gaming වල උපරිමයට යන්න ඕන අයට සහ workstation PC වලට ගැලපෙන Black එකේ Cache එක 128MB උපරිමයකට තියෙනව. RPM එක 7200 යි. ඒ වගේම 1TB වල ඉදන් 6TB වෙනකම් capcity තියෙනව. ගාණ හොදටම වැඩියි.

WD Red
මේක විශේෂයෙන්ම හදල තියෙන්නෙ NAS / server system වල රැක් එකට ගැලපෙන විදිහට. ඒ වගේම මේ red series එකේ Read කරන performance/speed එක වැඩියි. මේක ඕන වෙන්නෙ high performance server system / NAS වලට.

WD Purple
පැය 24ම ඔන් වෙලා එක දිගට record වෙන CCTV වගේ system වලට තමයි මේක හදල තියෙන්නෙ. මේකෙ විශේෂත්වය Write speed / performance වැඩියි. මොකද Video file එක දිගට write කරන්න ඕන නිසා.

WD Gold
හොදටම ගාණ වැඩි ඒ වගේම DATA center වලට පාවිච්චි කරන හොදම Technology පාවිච්චි වෙන hard drive තමයි මේ.

0
Topic starter

ගොඩක් ස්තුතියි bro......  ගොඩක් හොදින් පෑහෑදිලි කරලා තියනවා. thx..

0

Wd red hard drive pc walata danna bereida

0

Wd Blue එකට වඩා Seagate bracuda එක Write read speed වැඩියි.

හැබෑ Black එක තරම් නෑ

Share: