Notifications
Clear all

SSD for Rendering

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Render Source එකටත් Render output එකටත් SSD එක යූස් කරන්න එපා කියන්නෙ ඇයි? එහෙම කරාම Render කටයුතු වේගවත් වෙන්නෙ නැද්ද?

පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

1 Answer
0

මං මෙකට කලින් දුන්න උත්තරය පොඩ්ඩක් වැරැදි නිසා delete කරා.

Video editing වලදී speed එකෙන් වැඩී storage එකක් භාවිතා කරන එක හොදයී.

ඔයගේ original raw footage ටික ssd එකකට දැම්මොත් video editing වලදී import times අඩු වෙනව සහ timeline performance වැඩි වෙනවා ssd වල read speeds ගොඩක් හොද නිසා.

හැබැයි ssd වලට final video එක render කරද්දී ssd එකේ sustained write performance එක අනුව තීරණයක් ගන්න ඔනී.

ගොඩක් ssd වල cache එකක් තියෙනවා, එ cache එකට write කරද්දී තමයි ssd වල ගොඩක් ලොකු write speed එකක් එන්නේ, හැබැයි එ cache එක full උනාම write speed ගොඩක් drop වෙනවා.

උදාහරණයකට samsung 970 evo 256gb drive එකක් ගන්න(මෙක professionall grade ssd එකක්). මෙකේ dram cache එක 4gb තියෙනේ, ඉතින් 4gb වෙනකං 1.7gbps වගේ ගිහින් ඉන් පසූ 400mbps වලට drop වෙනවා. සාමාන්‍ය hard driv එකක sustained write speed තියෙනේ 100-150 mbps වගේ. ඉතින් මේ samsung 970 evo එක slow උනට් hard drive එකට වඩා fast නිසා එකට render කරන එක අවුලක් නැ.

හැබැයි ප්‍රශ්න තියෙනේ ගොඩක් කටිය ගාව මේ වගේ professional grade ssd නැ. ගොඩක් කට්ටිය use කරන්නේ wd green වගේ budget ssd. මෙවල cache එක පිරුනට පස්සේ 50mbps වලට වගේ slow වෙනවා, එතකොට ලොකු video එකක් render කරද්දී hard drive වල write speed මීට වඩා වැඩි නිසා hard drives වලට render කරන එක හොදයී.

ඉතින් render කරන්නේ hard drive එකට ද ssd එකට ද කියන එක ඔයගේ තියෙන hdd, ssd අනුව වෙනස් වෙනවා. එ නිසා හොදම දේ එකම video එක දෙකටම render කරලා බලන්න ඉක්මනින් render වෙන්නේ මොකටද කියලා.

https://amp.hothardware.com/reviews/samsung-ssd-970-evo-plus-review

Share: