Notifications
Clear all

Select ram - Urgent help****

5 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මේ motherboard එකට "TUF GAMING B550M-PLUS (WI-FI)" මේ ram kit එක වැඩකරනවද? "T-FORCE GAMING NIGHT HAWK RGB 32GB (2 X 16GB) 3600MHZ"

Rams : https://www.nanotek.lk/product/1370

QVL List එකේ තියෙන විදියට Screenshot එකක් දැම්මා.

පුලුවන් ඉක්මනට කියනවද මේයින් එකක් ගන්න හිතාගෙන ඉනනේ.

 

5 Answers
0

Ram එක වැඩ කරයි, හැබැයි 3600mhz speed එකේ run කරන්න පුළුවන් ද කියලා sure නැහැ QVL list එකේ asus b550 තන හිස් නිසා. Asus tuf b550 wifi motherboard එකේ qvl list එකෙත් මේ ram kit එක නැහැ.

https://www.asus.com/Motherboards-Components/Motherboards/All-series/TUF-GAMING-B550-PLUS-WI-FI/HelpDesk_QVL_Memory/

0
Topic starter

ඒක තමයි මාත් QVL List එකෙයි motherboard එකට support කරන memory list එකෙත් බැලුවා මටත් set වුනේ නෑ.

දැනට use කරන්නේ T-FORCE GAMING XCALIBUR RGB 16GB (2 x 8GB) 4000Mhz මේ ram kit එක. upgrade එකකට යන්න ඕන නිසයි අර ram දෙක බැලුවේ. ram එකේ full speed එක ගන්න බැරිවුනොත් අපරදෙ නේ...

මම දන්න තරමින් මේ motherboard එකට set වෙන 3600Mhz - 4000Mhz speed එකේ යන ram හොයාගන්න නෑ.

විශේෂයෙන්ම "T-FORCE" brand එකක් සොයන්නේ. brand new එකක්. speed එක 4000Mhz වගේ. නැතිනම් 3600Mhz වත් buy කරන්න place එකක් සෙට් වුනොත් කියන්න පුලුවන්ද?

ඒ වගේම මම Benchmark rates ටිකක් එවනවා ram speed එක සම්බන්ධව. මේ set එකේ තියෙන්නේ PC එක ගත්ත අලුත Benchmark rates. With and without OC.

0
Topic starter

මේ තියෙන්නේ ඊට මාස 2කට පසු Benchmark rates. කාලයක් යනවිට Benchmark rates අඩුවෙනවද? නැතිනම් software's වැඩිපුර run වෙන නිසාද?

With and without OC

0

කාලයත් එක්ක පොඩ්ඩක් performance අඩු වෙන්න පුළුවන් background software, windows updates, දූවිලි නිසා cooling performance අඩු වීම වගේ දේවල් නිසා. තව ඕනිම benchmark software එකක පොඩි variation එකක් තියෙනවා, ඒ නිසා කීප වතාවක් run කරලා බැලුවොත් scores පොඩ්ඩක් එහා මෙහා වෙන එක සමනයයි.

AMD cpus වල infinity fabric clock speed එක ram එකේ clock speed එකෙන් බාගයක් නම් 1:1 mode එකේ වැඩ, එහෙම නැති උනොත් 2:1 mode එකෙන් වැඩ කරන්නේ cpu එක.

සාමාන්‍යයෙන් Ryzen 3600 එකක infinity fabric එක උපරිම යන්නේ 1800mhz වගේ, ඒ නිසා 1:1 ගන්න ram speed එක 3600mhz වෙන්න ඕනි. ඔයා 4000mhz දුවද්දී 2:1 විදිහට වැඩ කරන්නේ. ඒ නිසා ඔයාගේ ram kit එකේ speed එක 3600mhz වලට අඩු කරලා බලන්න. (තව 3800mhz ram සහ 1900mhz infinity fabric overclock try කරන්න පුළුවන් ඔයාට manual overclock ප්‍රශ්නයක් නැත්නම්)

1:1 run වෙද්දී memory latency අඩු වෙන නිසා performance ටිකක් වැඩි වෙන්න ඕනි. Try එකක් දීලා බලන්න. Userbenchmark විතරක් පාවිච්චි කරන්න එපා, සමහර games වල තියෙන built-in benchmarks, cinebench r23 වගේ ඒවත් භාවිතා කරන්න.

 

 

 

0
Topic starter

Ok මම try කරල බලන්නම්. Thank you.! පැහැදිලි කිරීම් වලට‍.

Share: