Notifications
Clear all

Need Recommendation on RAM Upgrade

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

මගේ තියෙන්නේ Asus Prime B450 Plus Motherboard එකකුයි Ryzen 5 3600 Processor එකකුයි. දැනට Corsair Vengeance LPX 8GB (3200MHz) RAM එකක් ගහල තියෙන්නේ. මට දැන් මේකට RAM Upgrade එකක් කරන්න ඕනි. 16GB Kit එකක් ගහන්න තමයි බැලුවේ ඔක්කොම 24GB වෙන්න. පහල දාන්නම් දැන් තියන RAM එකේ Tested Speed/Tested Latency/Tested Voltage ටිකයි අලුතින් ගන්න ඉන්න Kit එකේ Tested Speed/Tested Latency/Tested Voltage ටිකයි. හොඳ එකක් Recommend කරන්න. දැනටත් කොහොමත් XMP On කරලා තියෙන්නේ.

දැන් තියන RAM එක - Corsair Vengeance LPX 8GB

  • Tested Speed - 3200MHz
  • Tested Latency - 16-20-20-38
  • Tested Voltage - 1.35V

Kit 1 (Corsair 16GB (8GB x 2) RGB)

  • Tested Speed - 3200MHz
  • Tested Latency - 16-20-20-38
  • Tested Voltage - 1.35V

Kit 2 (Corsair 16GB (8GB x 2) RGB)

  • Tested Speed - 3200MHz
  • Tested Latency - 16-18-18-36
  • Tested Voltage - 1.35V

මම හිතාගෙන ඉන්නේ Kit 1 එක ගන්න මොකද දැන් තියන RAM එකත් එක්ක Specs (Tested Latency) Match වෙන නිසා.

 

ප්‍රශ්න.

  1. Kit 1 or Kit 2 ?
  2. RAM Kit එක ගැහුවම ඔක්කොම Sticks 3 ක් වෙන නිසා Dual Channel Config එක කොහොම වැඩ කරයිද ?
  3. Kit 2 එක ගැහුවොත් තියන අවාසි ?
1 Answer
0

Kit 1 ගන්න එක හොදයි දැනට තියෙන ram spec වලට match වෙන නිසා. AMD flex mode support කරන නිසා ram 2ක් dual channel සහ අනිත් එක single channel වැඩ කරනවා.

Kit 2 එකත් වැඩ කරයි හැබැයි auto timings loose වෙයි දැනට තියෙන ram එකට match වෙන්න. සමහරවිට manual timing හරහා දැනට තියෙන ram එක 16-18-18-36 ගන්න පුළුවන් වෙයි හැබැයි එක guarantee නැහැ.

Share: