Notifications
Clear all

HDD Health

4 Posts
4 Users
0 Reactions
142 Views
0
Topic starter

මගේ computer එකේ crystal disk info tool එකෙන් පෙන්වන්නේ hard disk එකේ health එක caution කියලා yellow colour එකෙන් ඒ නිසා hard එක fail වීමේ සම්බාවිතාව වැඩද ?

4 Answers
0
Quote from Mr. Wickramasooriya on April 29, 2020, 12:43 pm

මගේ computer එකේ crystal disk info tool එකෙන් පෙන්වන්නේ hard disk එකේ health එක caution කියලා yellow colour එකෙන් ඒ නිසා hard එක fail වීමේ සම්බාවිතාව වැඩද ?

මගෙත් එහෙම පෙන්නනවා................ ඉතින් මම මොකද කරන්න ඕනේ................. Warranty Claim කරන්න පුළුවන් වෙයිද................?

0

හාඩ් ඩිස්ක් එක වැඩ කරන තත්වයේ තියනව නම් ඔයා හොද සර්විස් එකක් තියන ශොප් එකකින් නෙවේ නම් ගත්තෙ Warranty Claim කරන්න බැරි වෙයි.මොකද සමහර Shop වලින් සොෆ්ට්වෙයා වල තියන දේවල් විශ්වාස කරන්නෙ නෑ එච්චර.

මොකද මමත් Used Hard Disk එකක් ගන්න ගිහින් පොඩි ශොප් එකකින් ගන්න හදද්දි ඒ අය මට ඒ සොෆ්ට්වෙයා එක දාල චෙක් කරන්න දුන්නෙ නෑ.ඒ වගේ ශොප් වලින් නම් ගන්න හොද නෑ.නමුත් Brand New ගත්ත හාඩ් එකක් නම් පොඩ්ඩක් ශොප් එකෙන් ගිහින් අහල බලන්න.

එතකොට ඒ අය මොනව හරි කරාවි.

@Gadget, @Priyadharshana, Chandula අයියෙ, මෙහෙම හාඩ් එකක DATA තබා ගැනීම අනාරක්ශිතද?  Backup එකක් ගන්න ඕනද කියල පොඩ්ඩක් කියන්න.

0

@wickramasooriya

Hard drive එකේ health status yellow (caution) වෙලා නම් hard drive එක fail වෙන්න සම්භාවිතාව වැඩී. හැබැයි කොයි වෙලාවට fail වෙයිද කියලා කියන්න බැ.

දැන්ම family photos වගේ ගොඩක්ම වටින files ටික backup කරගන්න pen drive හො dvd එකකට.

@senuka-x  කිව්වා වගේ hard drive එක brand new නම් warranty තියෙනවා නම් shop එකට ගෙනියන්න.

එහෙම නැත්නම් අලුත්ම brand new hard drive එකක් ගන්න එක හොදයී. Hard drive එකක් repair කරන්න ගොඩක් අමාරුයි, ගොඩක් වෙලාවට brand new ගන්න එක ලාභයී.

අලුත් hard drive එක ගත්තට පස්සේ එකට data ටික ඔක්කොම move කරන්න. පරණ hard drive එක ඔනිනම් තියාගන්න හැබැයි කවදාවත් වටින data දන්න එපා එකට.

0
Topic starter

Thank you !! All This Informations..

Share: