Notifications
Clear all

DVD replace with SSD

2 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

සාමානය Lap එකකට DVD drive එක අයින් කරලා SSD එකක් ගහන්න පුලුවන්ද සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද

2 Answers
0

පුළුවන්, DVD to HDD caddy එකක් ගන්න ඕනි.

ඔයාගේ laptops එකේ දැනට තියෙන dvd drive එක ගලවලා මේ විස්තර බලන්න.

  • ගණකම 12.7mm/ 9.5mm/ 7mm ද බලන්න
  • Laptop motherboard එකට dvd drive එක් සම්බන්ධ වෙන connector එක බලන්න
  • Plastic bezel එක connect වෙන්නේ කොහොමද

සාමාන්‍යයෙන් ගොඩක් laptop වල භාවිතා වෙන්නේ universal size එකේ slimline SATA වලින් connect වෙන dvd drives. අලුත් laptop වල 9.5mm, පරණ ඒවල 12.7mm ගනකම.

හැබැයි සමහර laptop model වල මීට වඩා වෙනස් sizes සහ connetors තියෙන්නේ පුළුවන්. ගොඩක් පරණ laptop එකක් නම් PATA (IDE) connector තියෙන, ssd ගැහුවම ගොඩක් අඩු data speed එකක් ලැබෙන්නේ (133MB/s උපරිම).

ඔයාගේ laptop එකට ගැලපෙන caddy එක මිලදී ගන්න. caddy වල භාවිතා වෙන්නේ 2.5inch sata SSD/HDD, ඔයාට කැමති ssd එකක් ගන්න. සමහර අලුත් caddy තියෙන m.2 sata ssd ගහන්න පුළුවන් හැබයි ඒවා වියදම වැඩි.

DVD writer ගලවන්න සහ caddy එක දාන්න online video guides තියෙනවා. තව මේ website එකේ මේ ගැන වැඩි විස්තර තියෙනවා (එයාලා ගෙන් caddy එක ගන්න අවශම නැහැ, ඔයාට කැමති තැනකින් ගන්න).

0
Topic starter

Thanks bro.ill try

Share: