Notifications
Clear all

D drive full

17 Posts
2 Users
0 Reactions
393 Views
0
Topic starter

laptop එකේ D drive එක නිකම්ම කිසිම file එකක් නැතුව 30GB ක් විතර පිරිලා තිබ්බ දවසකින් විතර එක නිකම්ම හරි ගියා දැන් එක ආයේ 8GB ක් විතර පිරිලා මම කිසිම file එකක් save කරලා නෑ software  එකක්වත් D drive එකේ install කරල නෑ එහෙම නිකම්ම පිරෙන්නේ ඇයි virus scan කලා virus නෑ.

17 Answers
0

Show hidden files කරලා files/folders තියෙනවද බලන්න. (guide link).

තව This PC/my computer එකේ properties ගිහිල්ලා advance system settings>performance settings>advance> virtual memory change එකේ D: drive එකට page file size එකක් තියෙනවා ද බලන්න.

0
Topic starter

D drive එකට page file තිබ්බෙ නෑ

0

Hidden files තිබ්බ ද?

0
Topic starter

hidden file තිබ්බෙත් නෑ

0
Topic starter

D drive එක පිරිලා තියෙන size එක එක එක වෙලාවට අඩු වැඩි වෙනව මම දැනට D drive එකේ මොකුත් save කරලා නෑ එහෙම වෙන්නෙ ඇයි

0

සමහර විට software එකකින් files ටිකක් write කරනවා ඇති. හැබැයි මොන software එකද කියලා හොයාගන්න ක්‍රමයක් දන්නේ නැහැ.

0
Topic starter

මේ මොකක්ද ?

මෙතන මොකක් හරි අවුලක්ද D drive එක පිරෙන්නේ.

0

මේක තියෙන්නේ system එකේ ලොකු අවුලක් ගියොත් recover කරගන්න ලේසි වෙන්න system restore points හදන්න. මේ restore points auto හෝ manually හදන්න පුළුවන්. හැබැයි මේ restore points files වලට ඉඩ යන්නේ C: drive එකෙන්. ඒ නිසා D: drive එකට බලපෑමක් නැහැ. මේක enable කරලා තියන්න.

D drive එකට ගිහිල්ලා hidden files බලන තැන ළඟ තියෙන options එකට ගිහිල්ලා view tab එකේ "hide protected operating system files(recommend)" එක untick කරලා බලන්න. එතකොට files/folders මොනවා හරි පෙනුවොත් කියන්න, ඒවා delete කරන්න එපා.

0
Topic starter

hide folders 2යි තිබ්බෙ.

එකෙත් system volume කියන folder එක open කරන්න බෑ. පහළ දෙවැනි photo එකේ තියෙන message එක එනවා.

එ folder දෙකේ size එක 1MB එකක්වත් නෑ.

0

System volume drive එක OS එකේ භාවිතයට තියෙන්නේ. $recyle.bin folder එක තියෙන්නේ D: drive එකෙන් delete කරපු files ටික recycle bin එකෙන් clear කරණකම් තියන්න.

0
Topic starter

දැන් මම මොකද කරන්නේ.

0
Topic starter

මම partition දෙකකට බෙදලා තියෙන්නෙ.

එතකොට පහළ photo එකේ තියෙන ඊතල වලින් පෙන්නන එවා මොනවද?

0

මේවා Windows system reset එකක් කරන්න අවශය files තියෙන්නේ hidden partition ටිකක්.

0
Topic starter

මෙතනින් clean කරොත් මොකද වෙන්නෙ.

මෙතනින් clean කරොත් D drive එක පිරිලා තියෙන එක හරියයි ද ?

Page 1 / 2
Share: