Notifications
Clear all

Burn-in test

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter
  1. Burn-in test සිදු කිරීමට විවිධ Software ඇත. එම Software මඟින් Burn-in test සිදු කිරීම මඟින් පරිඝණකයට හානියක් සිදු විය හැකි ද ?
  2. Burn-in test සිදු කළ යුතු හේතූන් මොනවා ද ?
  3. Burn-in test එකක් සිදු කිරීමට සුදුසු Software මොනවා ද ?
1 Answer
0

Burn-in test වලට වඩා සුදුසු නම stress test,

Stress test එකක දී computer එක 100% උපරිම load එකකට භාජනය කර cpu, gpu, vrm වල උපරිම temperatures සහ system එක stable ද (crash නෙවෙයිද) කියලා බලාගන්න පුලුවන්.

Gaming computer වලට සාමාන්‍යයෙන් කරන්නේ cpu & gpu stress test එකක්.

එය කිරිමට msi afterburner හො openhardware monitor වැනි software එකක් භාවිතා කරන්න temperature බලන්න.

CPU එක stress කරන්න prime95 software එක භාවිතා කල හැක, GPU එකට unigine heaven benchmark එක උපරිම graphic quality දාලා loop එක run වෙන්න දෙන්න. මෙම test එක විනඩී 30ක් පමන run කරලා බලන්න temperatures.

මෙහිදී cpu සහ gpu temperatures තිබීය යුතු නිශ්චිත අගයක් කියන්න බැ, එය ඔබේ computer එක laptop ද, desktop ද, cpu එක මොකක්, gpu එක මොකක්ද, casing එකේ cooling වැනි දේ මත වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් cpu එක 90°c වලින් පහල සහ gpu 85°c වලින් තියෙනවා නම් හොදයී. මේ stress වලදි computer එක crash වෙන්න බැ.

Stress test වලදී එන්නේ ඔයගේ computer යන උපරිම temperature එක, සාමාන්‍ය gaming වලදී cpu සග gpu 100% load වෙන්නේ නැ, එ නිසා stress test එකක් තරමට cpu සහ gpu temperatures එන්නේ නැ.

Stress test එකක temperature අවුලක් නැත්නම් සහ computer එක crash නොවෙනවා නම් gaming කොහොමත් අවුලක් නැ.

Cpu, gpu, ram, motherboard, powersupply වල එයට හානි විමක් වලකාලීමට safety feature ගොඩක් තියෙනවා, එ නිසා stress test කිරීමෙන් computer එකකට හානි වීමට ඉඩකඩ ඉතා අඩුයි.

හැබැයි stress test එකක් කරද්දී හොදට එ ගැන තෙරුම් ගැන, ඔයාම වගකිම ඇරන් කරන්න ඔනි. CPU 100°c හො GPU 90°c වගේ යනවා නම් stress test එක වහාම නවත්තන්න.

තව Furmark gpu stress test වැනි software වලින් සමහර graphic cards වලට අවු යනවා කියන නිසා එය භාවිතා කරන්න එපා.

Computer එකක් stress test කිරිම අවශ්‍යම දෙයක් නෙමෙයි, විශේෂයෙන්ම laptops එහෙම company එකේන්ම හොදට test කරලා එන්නේ.

ඔයා computer එක stress test කරනවානම් computer එකේ සම්පුර්ණ specifications සහ stress test එකේ temperature අගයන් මේ forum එකට දන්න.

Share: