UPS එක Upgrade කරන්...
 
Notifications
Clear all

UPS එක Upgrade කරන්න

1 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

මගෙ ලඟ මේ devices තියෙනවා
1. MSI Gaming Laptop
INPUT: 100-240v ~ 2.7 A           50/60Hz
OUTPUT: 19.5v ~= 7.7A

2. DELL Latitude-3520 LAPTOP
INPUT: 100-240v ~ 1.7 A          50/60Hz
OUTPUT: 19.5v ~= 3.34A           65W

3. DELL- Vostro 5402 LAPTOP
INPUT: 100-240v ~ 1.3 A          50/60Hz
OUTPUT: 19.5v ~= 2.31A           45W

4. ACER Monitor
Model: B223WL
Power Rating: 100-240V         50/6Hz           1.5A

5. Samsung Monitor
INPUT: 100-240v ~ 1.0 A          50/60Hz
OUTPUT: 14.0v ~= 1.79A           25W

6. Dialog 4G Router
OUTPUT: 12.0v ~= 0.5A           6W

දැනට භාවිතා කරන UPS එක
INPUT: 220Vac - 240 /ac ~ 3.9 A Max         50/60Hz
OUTPUT: 220 Vac-240 /ac ~= 1.79A
Capacity: 650VA/390W

UPS එකට ගහලා තියෙන්නෙ Samsung monitor එක සහ Dialog router එක විතරයි. electricity එක ඩ්‍රොප් වෙන වෙලාවට UPS එක බැටරි එකට change වෙද්දී router එක නැවත restart වීමක් නොවුනත්, මොනිටර් එක off වෙලා on වෙනවා. මේ වෙලාවට ලැප් එකට මොනිටර් එක identify කරගන්න බැරිවෙන නිසා පොඩි interruption එකක් වෙනවා. මේක මේ විදිහට ආපහු කරන්ට් එක ආවමත් වෙනවා. මම හිතන්නෙ රිලේ එක ස්විච් වෙන්න ගතවෙන කාලය මොනිටර් එකට දැනෙනවා

උඵ්ෂ් එකේ බැටරි බැකප් එක මදි සැහෙන වෙලාවක් වැඩ කරන්න. (මොනිටර් 2ම භාවිතා කරන්න තමයි ප්ලෑන් එක) ලැප් වල බැටරි තියෙන නිසා බැටරි බැක්ප් එක ලැප් ගැන හිතලා හදාගන්න ඕන නෑ.

උඵ්ෂ් එකේ බැටරි බැකප් එක මදි සැහෙන වෙලාවක් වැඩ කරන්න. (මොනිටර් 2ම භාවිතා කරන්න තමයි ප්ලෑන් එක) ලැප් වල බැටරි තියෙන නිසා බැටරි බැක්ප් එක ලැප් ගැන හිතලා හදාගන්න ඕන නෑ.

මට දැනගන්න ඕන.
1. අර කිව්ව විදිහට Interruption එක නැති වෙන්න මොකක්ද ගන්න පුලුවන් විසදුම දැන් තියෙන UPS එකටම?

2. බැටරි බැක්ප් එකකට යනවනම්, Capacity එක (Ah) කීයක් වගෙ ඔන වෙයිද බැටරි එකේ පැය 5ක වගෙ කාලයක් මොනිටර් 2i රවුටර් 1යි වැඩ කරන්න.

3.UPS එක භාවිතා නොකර, බැටරි චාර්ජ් කරන ඉන්වටර් එකක් හරහා බැටරි එක චාර්ජ් වෙද්දී, DC to AC converter එකකින් මොනිටර් 2 සහ router එක දුවනවා කියලා හිතුවොත් DC to AC කන්වර්ටර් එක අඩුම කොච්චර Capacity එකක් ඕනද?

Can someone help me to find a solution?

1 Answer
0

UPS එකකදි Switching time එක (Ac to Battery switching) මිලි තත්පර 10ක් තමයි තියෙන්නෙ. මේක සමහර Monitors වලට දැනෙනව.

Monitors 2ම දාන්න ඔය UPS එකත් ඇති. එක Monitor එකක් 35watts වගේ ගන්න නිසා. Backup Time එක වැඩි කරන්න නම් battery backup වැඩි කරන්න ඕන. නමුත් UPS charging circuit එකට දරන්න පුළුවන් ප්‍රමාණයකට ඒක දාගන්න ඕන.

ඔයාගෙ Device වලට යන Watt ගාන බලන්න. Monitors - 50w x 2 | Router 10w වගේ.

දැන් පැය 5 නිසා 110w x 5 =  550wh

මේක Ah වලට බලාගන්න අපි පාවිච්චි කරන battery එකේ Volt ගානෙන් බෙදන්න.

550wh / 12v = 45Ah

 

DC to AC converter එක 500w වගේ ඇති.

Share: