Notifications
Clear all

PC wakes up itself from Sleeping or Hibernating

1 Posts
2 Users
0 Reactions
243 Views
0
Topic starter

අපේ පැත්තේ grid current එක එච්චර හොඳ නෑ. ට්‍රාන්ස්ෆෝමරේ ඉදන් ගොඩක් දුරයි. ඒ නිසා ගෙදර වතුර මෝටරය on කරනවා වගේ ලොකු load එකක් ගන්න වැඩ වෙද්දි UPS එක තප්පර ගානකට battery mode එකට මාරු වෙනවා.

මේ විදියට Battery mode එකට switch වෙද්දී මම PC එක Sleep කරලා හරි Hibernate කරලා හරි තිබුනොත් ඒ වෙලාවට PC එක Auto On වෙනවා
Monitor එකට on වෙන්නේ නම් නෑ ( ඒ කියන්නේ monitor එකට signal එන්නේ නෑ) හැබැයි PC එකේ Fans, Lights ඔක්කොම on වෙනවා. Mouse එක පොඩ්ඩක් හෙල්ලුව ගමන් Monitor එකේ කෙලින්ම lock screen එක පෙන්නනවා.

මම සාමාන්‍ය විදිහට PC එකෙන් වැඩ කර කර ඉද්දි battery mode එකට මාරු උනාට කිසි වෙනසක් වෙන්නේ නෑ.

මම Windows 11 පාවිච්චි කරන්නේ. මං හිතුවා මේක software update එකකින් හරි යයි කියලා. ඒත් තාමත් හරි ගියේ නෑ. රෑට වැඩ ඉවර නැති නිසා Hibernate කරලා නිදා ගත්තම උදේට ගොඩක් වෙලාවට බලද්දී PC එක on.

මෙහෙම වෙන්නේ ඇයි? මේක නවත්වන විදිහක් දන්න කෙනෙක් ඉන්නවද?

1 Answer
0

BIOS වලට ගිහින් Wake from LAN කියන Function එක OFF කරල බලන්න. Hibernate කරාට පස්සෙ UPS එක OFF කරන්න පුළුවන්. ඒ නිසා OFF කරන්න.

https://www.youtube.com/watch?v=hF9bukHAFcI

Share: