PC එක power on කරනක...
 
Notifications
Clear all

PC එක power on කරනකොට එන ගැටලුවක්

3 Posts
3 Users
0 Reactions
197 Views
0
Topic starter

මගේ PC එකට UPS එකක් හරහා Power එක දෙන්නේ. PSU එක Cool Master Lite 600W එකක්. PC එක on කරපුගමන් power එක අරන් off වෙනවා.(Casing එකේ lights on වෙලා off වෙනව. තත්පරයක් වත් යන්නේනැ.) දෙවෙනි පාරට on කලාම තමයි හරියටම on වෙන්නෙ. මේකට හේතුව මොකද්ද කියල දැනගන්න පුලුවන්ද? මේක PC එකට අවුලක් වෙන්න පුලුවන්ද?

3 Answers
0

මේ විදිහට on වෙන එක සමහර Gigabyte motherboard වලදි වෙනව කියල අපට වාර්තා වෙලා තියෙනව.

ගත්ත දවසෙ ඉදන් මේක වෙනවනම්, ඊට එහා ගැටළුවක් නැත්නම් මේක සාමාන්‍ය දෙයක් විදිහට නොසලකා හරින්න පුළුවන්.

0
Topic starter

මගේ තියෙන්නෙ Asus Prime H310M-C mother board එකක්.මුලදි තිබුනේ Corsair VS 350 Watt PSU එකක්. ඒ දවස් වල ගැටලුවක් තිබුනෙ නෑ. Cool master PSU එකට මාරු උන මුල දවස්වලත් අවුලක් තිබුනේනෑ. මාසයක් විතර ගියාම තමයි මේ ප්‍රශ්නේ ආවේ. Hard drives වලට ප්‍රශ්නයක් ඇති වෙයිද?

0

මුලින්ම power cables ගලවල ආයිත් ගහල බලන්න. ඉන්පස්සෙ bios battery එක ගලවල bios reset කරල බලන්න. ඊලගට bios update කරන්න. ඔයාගෙ ups එකක් තියෙන නිසා අව්ලක් වෙන්නේ නෑ update කරන අතරෙ current නැතිවෙන්න දෙන්න එපා. ඒත් හරි ගියෙ නැත්නම් ඔයාගෙ power switch එකෙන් motherboard එකට connect කරල තියෙන wire එක ගලවල ඒ පින් දෙක short කරල on කරන්න බලන්න . ඒත් නැත්නම් හොදම දේ psu එක check කරගන්න. සමාන්‍යෙන් pc shop වල තියෙනව psu වල current check කරන devices ඒකකින් බලන්න පුලුවන්. ඒකෙන් ඔයාට තහවුරු කරගන්න පුලුවන් powersuppy එකේ ලෙඩක්ද කියල. මේකයි තත්පරක්වත් on වෙලා තියෙන්නෙ නැත්නම් ඉතින් hard වලට වෙන්න බෑ. කෝකටත් ඔයා බලන්න 1st time on වෙද්දි බලන්න hard එක වැඩ කරන සද්දෙ ඇහෙනවද කියල ඒක ඇහෙන්නෙ නැත්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

Share: