මොකක්ද මෙ white cer...
 
Notifications
Clear all

මොකක්ද මෙ white certificate කියන්නේ

2 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Hoda brand wala power supply wala white certificate ,gold ,bronsr kiyala tiyanwa mkd ake taruma

2 Answers
0

80 Plus (trademarked 80 PLUS) is a voluntary certification program intended to promote efficient energy use in computer power supply units (PSUs). Launched in 2004 by Ecos Consulting, it certifies products that have more than 80% energy efficiency at 20%, 50% and 100% of rated load, and a power factor of 0.9 or greater at 100% load. Such PSUs waste 20% or less electric energy as heat at the specified load levels, reducing electricity use and bills compared to less efficient PSUs.

හරි මේක පැහැදිලි කරන්න කලින් Power supply එකක වෙන දේ කෙටියෙන් බලමු.

power supply එකෙන් කරන්නෙ අපේ සාමාන්‍ය විදුලියෙන ලැබෙන AC (Alternating Current)එක පරිගණකයට / විදුලි උපකරණයට අවශ්‍ය වෙන DC (Direct Current) එක බවට පත්කරන එකයි. මේ බලය පරිවර්ථනයෙදි ශක්තිය තාපය විදිහට පිට වෙනව. මේ තාපය විදිහට වැඩි බලයක් පිට උනොත් එතනදි අපිට අවශ්‍ය DC විදුලිය ලබාගන්න ලොකු  AC විදුලි බලයක් වැය කරන්න වෙනව.

80 PLUS කියන්නෙ Power supply Units වල මේ ශක්ති පරිවර්ථන ක්‍රියාවලියෙ කාර්යක්ෂමතාවය මනින්න හදල තියෙන සම්මතයක්. මේක පටන් ගත්තෙ 2004 Ecos කියන සමාගම මුල්වෙලා. මේ සම්මතයට ගැලපෙන පළමු Power supply එක හැදුවෙ Seasonic Brand එකෙන් 2005දි.

80 PLUS එකෙන් කියන්නෙ  Power supply එකක කාර්යක්ෂමතාවය 80%ක් හෝ ඊට වැඩියි කියන එකයි.  පහතින් තියෙන රූපය බලන්න. මේකෙදි අපිට අදාල වෙන 230V current එක පාවිච්චි කරන PSU එකක් 20% 50% 100% කියන load වලදි බලය පරිවර්ථනය කරන කාර්යක්ෂමතාවය දාල තියෙනව. 80 white කියන්නෙ සම්මතය. bronze, Gold Platinum වෙද්දි මේ කාර්යක්ෂමතාවය වැඩි වෙනව.

මේකෙන් වෙන්නෙ අපිට උපරිම කාර්යක්ෂමතාවයක් යටතේ වැඩ කරන්න පුලුවන් වෙන එක වගේම සාමාන්‍ය 80 PLUS PSU එකකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් දිගු කාලීනව ඉතුරු කරගන්න පුලුවන් වෙන එකයි.

ඒ වගේම 85 PLUS කියල එකක් නැහැ.

80 PLUS සහතික කරල තියෙන brand list එක මේ Site එකෙන් බලන්න පුලුවන්.

0
Topic starter

Thank you ✌️✌️

Share: