USB Type C Fast Cha...
 
Notifications
Clear all

USB Type C Fast Charging

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Nitharama Phone eke Fast Charging use karana eka hodai da?

1 Answer
0

Internet එකෙ මෙ ගැන හොයලා බලද්දී එක එක ideas සහ theories තියෙනවා.

ඔයාගෙ phone එකෙ battery කල්පැවැත්මට

  • 0% වල බස්සලා 100% full charge කරන එක හොදයි
  • 0% වල බස්සන එක හොඳ නැ
  • 100% charge කරොත් battery overcharge වෙනවා

වගෙ ගොඩක් අදහස් තියෙනවා.

හැබැයි මං මෙක ගැන හොයලා බලද්දී එ ගොඩක් එවා වැරදි හො පරන battery වලට අදාල කතා.

දැනට ඔකොම phone වල වගෙ එන්නෙ lithium-ion rechargeble battery. හොඳට පිළිගත් testing සහ research වලට අනුව lithium-ion battery 0% බස්සන එකත් හොඳ නැ, 100% charge කරන එකත් හොඳ නැ. Battery එකක හොඳම කල්පැවැත්ම තියාගන්න 25%ත් 85%ත් අතර charge එක තියාගන්න ඔනි.

ඉතින් මෙහෙම කරද්දී ඔයාට ඉතුරු වෙන්නේ battery එකෙන් 60% ක් විතර නෙ, මෙක full day use කරන්න අමාරු නිසා මැදින් මැදින් fast charge කරන්න පුලුවන්.

Fast charging හදලා තියෙන්නේ ගොඩක් safety precaution ඇරං, fast charging වලදී battery එක overheat, overvolt, overcharge නොවෙන්න හදලා තියෙන්නේ. එ නිසා fast charging කරද්දී battery එකෙ කල්පැවැත්ම අවුලක් නැ, 0% සහ 100% ට battery එක ගෙනියනවා නම් තමයි lithium-ion battery එකට හොඳ නැත්තේ.

https://youtu.be/3A_pd7CXSSg

 

https://youtu.be/AF2O4l1JprI

Share: