Windows 32bit vs 64...
 
Notifications
Clear all

Windows 32bit vs 64bit

2 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

Windows 64bit සහ 32bit ගැන පැහැදිලි කරන්න පුලුවන්ද.?
මේ දෙකේ වාසි අවාසි තියෙනවාද.?
පාවිච්චි කරන්න හොඳම මොකක්ද.?

2 Answers
0

32 bit 64 bit කියල අදහස් කරන්නෙ පරිගණක පද්ධතියක දත්ත අරන් යන මාර්ගයේ එක වරක හුවමාරු කරන්න පුලුවන් දත්ත  (bit) ප්‍රමාණය. 32 bit වල වගේ දෙගුණයක් 64 bit වලදි එකවරකදි හුවමාරු කරගන්න පුලුවන්.

Windows 32bit කියන්නෙ 2018 වෙනකොට භාවිතා නොකරන (විශේෂ අවස්තා වල විතරක ගන්න Architecture එකක්) ඒ කියන්නෙ 32bit විතරක්ම ඕන කරන (ආරක්ෂක හේතුන් නිසා) එහෙමත් නැත්නම් පරණ PC / Laptop එකක් නිසා පාවිච්චි කරන පද්ධතියක්. මේකෙ නරකක් නම් නැහැ. හැබැයි මේ පද්ධතියකදි සරලවම කිව්වොත් වැඩකටයුතු සිද්ධවෙන කාර්යක්ෂමතාවය 64bit OS එකකට වඩා අඩුයි.

ඒ වගේම 32bit OS එකකින් address කරන්න පුලුවන් RAM capacity වෙන්නෙ 4GB උපරිමයක් විතරයි. මේ වගේ සීමා සහ අලුත් තාක්ෂණික දියුණු කිරීම් එක්ක පරිගණක වල වේගය වැඩි කරන්න එකවරකදි කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය වැඩි කිරීම අවශ්‍ය උනා. මේ නිසා පරිගණක පද්ධති 64 bit වලට මාරු වෙන්න පටන් ගත්ත.

64bit OS එකකදි පාවිච්චි කරන්න පුලුවන් RAM එක 16 Tera bytes වෙනකම් යන්න පුලුවන්. ඒ වගේම දැන් එන හැම CPU එකක්ම  64 bit support නිසා උපරිම performance එකක් ගන්න 64 bit OS එකක් පාවිච්චි කරන්න.

0
Topic starter

ගොඩක් ස්තුතියි.!

Share: