"Unable to install ...
 
Notifications
Clear all

"Unable to install GRUB in /dev/sda"

6 Posts
2 Users
0 Reactions
305 Views
0
Topic starter

මගේ Laptop එකේ install කරල තියෙන්නේ Windows 10 Pro 64-bit මෙහෙයුම් පද්ධතියයි.
මට මේකත් එක්ක Ubuntu 18.04.3 LTS (64-bit) මෙහෙයුම් පද්ධතිය dual boot විදියට install කරන්න අවශ්‍යයයි.
නමුත් Ubuntu බාගයක් install වෙනකොට "Unable to install GRUB in /dev/sda" ලෙස error එකක් එනවා.
මම Ubuntu වෙනුවට Linux Mint 19.2 (64-bit) එකත් install කරන්න උත්සහ කලා. නමුත් ඒකෙදිත් මේ error එකම එනවා.

(Boot Mode එක තියෙන්නේ UEFI විදියට. Hard Disk එක තියෙන්නේ GPT විදියට.)

6 Answers
0

bios menu එකට ගිහින් fast boot කියන option එකයි. secure boot කියන option එකයි දෙකම disable කරන්න. ssd එකක් වගේ තියෙනවනම් ඒකෙ install කරන්න යන්න එපා normal hard drive එකේ space එකක් manual set කරල install කරන්න. කරල install කරල බලන්න laptop එකේ model and specs කියන්න

0
Topic starter

Acer Aspire ES1-531-C2K3
Intel® Celeron® Processor N3060
4GB DDR3L Memory
500 GB HDD

මගෙ Laptop එකේ BIOS වල "Secure Boot" disable කරන්න විදියක් නෑනේ, ඒක select වෙන්නේ නෑ.

මම කලින් Install කිරීමේදී කලේ "Something else" ක්‍රමය හරහා ගිහින් පහත අමුණා ඇති පින්තූරයේ ඇති ආකාරයට swap හා ext4 ලෙස partition දෙකක් නිර්මාණය කර Install කිරීමයි.

0

ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ubuntu වල නෙමෙයි ඒක dualboot කරන firmware එකේ ඒක install කරන්න දෙන්නෙ නෑ. bios එකෙන් ඒකට secure boot නම් ගොඩක් වෙලාවට ඓන් කරන්න ඕනෙ පහල video එක බලන්න. ඒකෙන් තේරුම්ගන්න පුලුවන් වෙයි කරන විදිහ

disable secure boot in acer

0
Topic starter

ඉහත Video එකේ තිබුණු විදියට "Secure Boot" disable කලා.
නමුත් Ubuntu install කරනකොට කලින් error එකම එනවා.
මීට අමතරව BIOS එකේ තව වෙනස් කරන්න අවශ්‍යය දේවල් තියනවාද?

0

සමාවෙන්න කල් ගියාම මම හිතන්නෙ ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ winodws 10 එක uefi විදිහට install කරල තියෙන නිසා. ඔයා මුලින්ම bios reset කරන්න ඒ කියන්නෙ bios එකට ගිහින් load optimized default කියන එකට යන්න. ඒත් install කරන වැඩෙනම් ටිකක් වෙනස්. Ubuntu help එකෙන්ම විස්තර දිල තියෙනව පහල පොඩ්ඩක් කියවල තේරුම් ගන්න පුලුවන්ද බලන්න පුලුවන්ද

https://help.ubuntu.com/community/UEFI

ඔයාට leagacy mode එකට දාල කිසිම ප්‍රශ්නයක් නැතුව install කරන්න පුලුආන් වෙයි ඒත් එතකොට windows වැඩ කරන්නෙ නෑ. Windows ඔනෙනම් ආයිත් bios එකට ගිහින් uefi change කරන්න ඕනෙ.

0
Topic starter

BIOS එකේ Boot Mode එක legacy විදියට වෙනස් කරල Linux Mint සාර්ථකව install කළා. ඒ වගේම සාර්ථකව වැඩ කළා. ඊට පස්සේ BIOS එකේ Boot Mode එක UEFI විදියට වෙනස්කරල, "Secure Boot" disable කරල Linux Mint live-USB එකකින් boot කළා. ඊට පස්සේ එහි අඩංගු "Boot-Repair" tool එක run කරල ඉහත වෙබ් පිටුවේ "Converting Ubuntu into UEFI mode" හි සඳහන් ආකාරයට settings සාදා Apply කර ලැබෙන උපදෙස් පිළිපදිමින් ඉදිරියට ගියා. නමුත් එය සාර්ථක වුනේ නෑ (සමහර විට මම කල විදිය වැරදිද දන්නේ නෑ).

එම නිසා මම Linux Mint install කල partitions delete කර, UEFI යටතේ "Secure Boot" disable කර සාමාන්‍ය ලෙස Linux Mint install කරල බැලුවා.
එහිදී නම් කිසිම error එකක් එන්නේ නැතුව Linux Mint සාර්ථකව install වුනා. නමුත් restart කල විට කෙලින්ම boot වුනේ windows වලට.

එම නිසා මම කෝකටත් කියලා නැවත Linux Mint install කල partitions delete කර, windows command prompt එකෙන් diskpart command වලින් ගිහින් UEFI partition එකට letter එකක් assign කරල "EFI" folder එක තුල ඇති "ubuntu" folder එක delete කළා. ඉන්පසු නැවත වරක් සාමාන්‍ය ලෙස UEFI යටතේ "Secure Boot" disable කර Linux Mint install කළා. එහිදීත් කිසිම error එකක් එන්නේ නැතුව Linux Mint සාර්ථකව install වුනා. නමුත් එහිදීත් restart කල විට කෙලින්ම boot වුනේ windows වලට. "EFI" folder එක තුල ඇති "ubuntu" folder එක තුලට ගිහින් බැලුවම පහත අමුණා ඇති පින්තූරයේ ඇති ආකාරයට සියලු files අඩංගු වී තිබුණා. ඉන්පසු මම Linux Mint live-USB එකකින් boot කර එහි අඩංගු "Boot-Repair" tool එක run කර "Recommended repair" මත ක්ලික් කර ලැබෙන උපදෙස් පිළිපැද්දා. නමුත් අවසානයේ දිස් වුනේ "An error occurred during the repair" ලෙසයි.

එම නිසා මම Admin ලෙස windows command prompt එකට ගිහින් පහත command එක දුන්නා.
bcdedit /set {bootmgr} path \EFI\ubuntu\grubx64.efi
restart කරලා බැලුවම වැඩේ සාර්ථකයි.

උදව් කළාට බොහොම ස්තූතියි !

Share: