Me kathawa aththada
 
Notifications
Clear all

Me kathawa aththada

0 Posts
1 Users
0 Reactions
99 Views
0
Topic starter

Windows 10 කියන්නේ දැනට තියන වේගෙන්ම බූට් වෙන Os එකක්. Low End පීසී එකක උනත් සෑහෙන්න වේගෙන් බූට් වෙනව. හොඳ පීසී එකක නම් තප්පර 5කදි වගේ බූට් වෙන්න පුළුවන්. දන්නවද ඒ කොහොමද කියල?

සාමාන්යයෙන් Pc එකක් ඔන් වෙනකොට කර්නල් එක මෙමරියට ලෝඩ් කරන්න ඕන. Hardware Drivers ලෝඩ් කරන්න ඕන. ඔන්න ඔය දෙකට තමා වැඩිම වෙලාවක් යන්නේ. 

පීසී එක හයිබර්නේට් එකට ගියාම පවර්බටන් එක ඔබල බොහොම කෙටිකාලෙන් ඔන් වෙනවනේ. ඒකෙදි වෙන්නේ අපි පීසී එක හයිබර්නේට් දැම්මම RAM එකේ බේසික් කොපි එකක් HDD එකට සේව් කරනව. ඒ ෆයිල් එක තමා System Drive එකේ රූට් එකේ තියන Hybernation ෆයිල් එක. සාමාන්යයෙන් Gigabytes කීපෙක එකක්. අපි පවර්බටන් එක එබුව ගමන් වෙන්නේ අර මෙමරි එකේ කොපිය ලෝඩ් වෙනව මෙමරියට. ඒකෙත් මුලින් කර්නල්, ඩ්රයිවර්ස් එහෙම.

Windows 10 වල අධිවේගී බූට් එකේ රහසත් මේකමයි.

වින්ඩෝව්ස් 10 වල අපි පීසී එක ශට්ඩවුන් කලාට කවදාවත් ශට්ඩවුන් වෙන්නේ නෑ.

වෙන්නේ මුලින් ලොගවුට් වෙනව. ඊටපස්සේ හයිබර්නේට් කරනව. මේ විශේශ පිලිවෙල නිසා හයිබර්නේට් ෆයිල් එක කුඩායි. කර්නල් එකයි ඩ්රයිවර්ස් ටිකයි විතරයි තියෙන්නේ.

ඊලඟට අපි පීසී එක ඔන් කලාම වෙන්නේ අර ෆයිල් එකෙන් PC එක ඔන් වෙන එක.

මේ නිසා තමා වින්ඩෝව්ස් ටෙන් වේගෙන් බූට් වෙන්නේ.

හැබැයි මේ වැඩේ සමහර වෙලාවට අවුල් යනව.

එකක් තමා සමහර වෙලාවට ශට්ඩවුන් දුන්නම තියන ඔක්කෝම ඕෆ් වෙලා ෆෑන් විතරක් දිගටම කැරකෙනව. ඒවෙන්නේ PC එකේ සමහර කොටස්වල ඩ්රයිවර්ස් මෙමරියෙන් ඉවත් නොවීම. ඒක වින්ඩෝව්ස් 10වල අව්ලක් නෙවෙ. ඒක ඩ්රයිවර්ස් බග් එකක්.

අනිත් අව්ල තමා සම්පූර්ණයෙන් හයිබර්නේට් ෆයිල් එක හදන්න කලින් පීසී එකේ පවර් එක ඕෆ් වීම. එතකොට අපිට හිතෙනව අව්ලක් නැතුව ඕෆ් කලා කියල. හැබැයි ඕෆ් වෙන්න කලින් පවර් කට් වෙනව. මේක ඊලඟ වතාවේ ඔන් කරනකොට තේරෙන්නෙ නෑ. අනික යූසර්ට එරර් එකක් පෙන්නන්නෙත් නෑ ඊලඟට වතාවේ. මේක පෙන්නන්නේ එකම එක තැනක විතරයි. ඒ සිස්ටම් එවන්ට් ලොග් එකේ. ඒකේ සිස්ටම් ලොග්ස් යටතේ ක්රිටිකල් එරර් විදිහට මේක රෙජිස්ටර් වෙනව.

මේ දෙකම මෙකෑනිකල් හාඩ්ඩිස්ක් වලට දරුණු විදිහට බලපානව. ඉතාඉක්මනින් Bad Sectors ඇවිල්ල හාඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙනව.

ඒනිසා තම තමංගෙ වින්ඩෝව්ස් 10 පීසීවල එවන්ට් ලොග් එක බලල මෙහෙම අව්ලක් තියනවනම් ෆාස්ට්බූට් ඕෆ් කරන්න.

ඒක ඕෆ් කලා කියල දැන් තියන පීසීවල බූට් ස්පීඩ් එක මහලොකුවට වැඩිවෙන්නේ නෑ.

තප්පර කීපයක් ඉවසන්න බැරිවීම නිසා ඩේටහානියක් වෙන්න පුළුවන්.

Share: