Multi monitor suppo...
 
Notifications
Clear all

Multi monitor support

8 Posts
2 Users
0 Reactions
355 Views
0
Topic starter

මම විසින් සාදන ලද application එකක් තියනවා. ඒ සදහා Multi-monitor ක්‍රමයට screen එක extend කිරීමට අවශ්‍ය වෙනවා. මට අවශ්‍ය වෙන්නේ monitor දෙකක් සවි නොකර screen එක extend කිරීමයි (windows button + P). දැනට මම භාවිතා කරන laptop එකේ මේ දේ කරන්න පුළුවන් (HP430 lap එකක්). මම මේ සදහා i3 8th gen පරිඝනකයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා.

1. Multi-monitor සදහා අනිවාර්යෙන් ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍යමද?
2. නැත්නම් Multi-monitor support කරන motherboard වෙළද පොලේ තියනවද?
3. මගේ අවශ්‍යතා දෙකම සපිරෙන ආකාරයේ motherboard එකක් නිර්දේශ කල හැකිද?
i. monitor දෙකක් සවි නොකර screen එක extend කිරීම.
ii. i3 8th gen support කිරීම

8 Answers
0

Hi Nimalsilva7,
දැනට ඔයා Windows+P හරහා පාවිච්චි කරන්නෙ Windows වල තියෙන feature එකක්. Laptop එකක උනත් Desktop එක extend කරන්න නම් තවත් Monitor එකක් Projector එකක් සම්බන්ධ කරන්න වෙනව. මෙතනදි Extend කරනව ක්යල අදහස් කරන්නෙ මොකක්ද කියන එක පැහැදිලි නැහැ.
Multi monitor desktop එකකට Graphic card අවශ්යම නැහැ. මේකට onboard intel graphic වලින් Display output 2ක් දක්වා support කරන motherboard එකක් ගන්න පුලුවන්.

i. monitor දෙකක් සවි නොකර screen එක extend කිරීම. - පැහැදිලි කරන්න

0
Topic starter

බොහොම ස්තුතියි පිළිතුරට.

මම මෙහිදී භාවිතා කරන්නේ අනෙක් පස screen එකේ capture කරමින් original screen එකට ගැනීම. මට මෙහෙදී extend කරන ලද screen එකේ වන සියලු දේම original screen එකේ සිට බැලීමට පුළුවන්.

මෙහි ඇතුලත window එකෙන් පෙන්නනේ extend කරන ලද දකුණු පස screen එක. මෙහිදී මම external මොනිටර් එකක් පාවිච්චි කරලා නෑ.

0
Topic starter

මේ පියවර ටික කිරීමෙන් screen දෙකක් සැදී ඇති ආකාරය බලන්න පුළුවන්

Windows + P >> Extend
Print screen button
open paint application
ctrl + v
zoom out

screen දැකගන්න පුළුවන්. මේ විඩීයෝ එකේ කරන හැටි තියනවා. https://youtu.be/cyjLYbhnO7g

desktop එකක මේ වැඩේ කරන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්නද?
screen දෙකක් සවිකිරීමෙන් තොරව screen එක Extend කිරීම.

0

Video එක බැලුවා. මමත් මේ දේම laptop එකක කරල බැලුව, හැබැයි Extend උනා කියල ඔය විදිහට check කරල බැලුවෙ නැහැ. Desktop එකකදි Dual screen / Extend වගේ options activate වෙන්නෙ Windows වලින් 2වෙනි monitor එකක් detect උනාම.

දන්න හැම method එකක්ම try කරා. ඒත් එහෙම activate වෙන්නෙ නැහැ.

0
Topic starter

බොහොම ස්තුතියි පිළිතුරට.

මේ පින්තුරයේ තියනවා වගේ option 4 ක් windows + P මගින් මොනිටර් දෙකක් සවිකිරීමෙන් තොරව desktop එකකදී ලබාගන්න බැරි වුනාද?

ඒ වුනාට external monitor එකක් සවි නොකර laptop එකෙන් මේ විදිහේ option 4 ක් windows + P මගින් ලබාගන්න පුළුවන් වුනා නේද?

0

හරි. මේක කරන්න පුලුවන්. එකම දේ Windows Desktop version එකේදි shortcut එක ටිකක් වෙනස්. Windows + P එකෙන් option ටික එනව. Screen shot එකත් වැඩ කරනව. Desktop එකේදි මේ වැඩේ කරන්න පුලුවන්. වෙනම graphic card ඕන වෙන්නෙ නැහැ.

0
Topic starter

බොහොම ස්තුතියි පිළිතුරට.

මට දැනගන්න පුලුවන්ද මේක ටෙස්ට් කරපු desktop එකේ

motherbord එකයි. proceser එකයි ගැන විස්තර.

තව ග්‍රැෆික් කාඩ් එකක් තිබ්බද නැද්ද? තිබ්බානම් එකේ විස්තර.

මම Pentium IV පරණ  desktop එකක මේක කරන්න ගියා එත් වැඩ කලේ නෑ.

මම test කරපු desktop එකේ විස්තර

0

ප්‍රමාදය ගැන සමාවෙන්න. මොකක් හරි හේතුවක් නිසා Emails එන්නෙ නැහැ  අලුත් Answer එකක් ආවම. මේක test කරපු PC එකේ විස්තර පහත attachment එකේ බලන්න.

 

Share: