IPS monitor colors
 
Notifications
Clear all

IPS monitor colors

1 Posts
2 Users
0 Reactions
286 Views
0
Topic starter

වල කලර්ස් හොඳයි කියනවනේ? කොහමද අපි ඒ කලර්ස් බලන්නේ? නොර්මල් මොනිටර් එකකයි ips එකෙයි කලර්ස් වෙනස බලාගන්නේ කොහමද? HD youtube 1080HD වීඩියෝ එකක් බලද්දී පාට වල් වල වෙනසක් අපිට පේනවද?

1 Answer
0

Monitor එකේ specifications වල සහ reviews වලින් බලන්න color space එක. එකේන් කියන්නේ monitor එක පෙන්නන්න පුලුවන් color ප්‍රමාණය, එක වැඩි වෙන තරමට හොඳයි.

ප්‍රසිද්ධ color spaces වෙන්නේ

  • sRGB
  • NTSC
  • Adobe RGB

මෙවා දෙන්නේ ප්‍රතිශතයක් විදිහට, % එක වැඩි වෙන තරමට හොඳයි.

තව Delta E value එකත් බලන්න, එකෙන් කියන්නේ color accuracy එක. එක අඩු වෙන තරමට හොඳයි. Delta E අගය 2 කට වඩා අඩුයි කියන්නේ ගොඩක් හොඳ color accuracy එකක්.

තව contrast ratio එකෙන් කියන්නේ monitor එකේ කලුම pixel සහ සුදුම pixel එක අතර දීප්තියේ අනුපාතය. IPS monitor වල සාමාන්‍යයෙන් contrast ratio 1000:1 එන්නේ.

මෙ දේවල් IPS monitor වල හොඳ නිසා තමයි සාමාන්‍යයෙන් IPS monitors වල colors හොඳයි කියන්නේ.

ඔව්, ඔයා IPS monitor එකක් සහ TN හො VA monitor එකක් එක ලඟ තියෙලා ඔයාගෙ ඇස් දෙකෙන් බැලුවොත් color වෙනස පෙනවා. තව IPS display වල viewing angle හොඳ නිසා monitor එකට වම හො දකුණු පැත්තෙන් angle එකකින් බැලුවත් color හොඳට පෙනවා TN monitors වලට වඩා.

Share: