Display Flickering ...
 
Notifications
Clear all

Display Flickering Issue

1 Posts
2 Users
0 Reactions
253 Views
0
Topic starter

මගේ PC එක ලගදි  build කලේ.

Processor: Intel i5 12400F 2500mhz/ Motherboard: MSI Pro B760M-DDR5/ RAM: 16GB/ Graphic Card: Asus TUF 1660S Gaming 6GB (NVIDIA Geforce GTX 1660 Super)/ SSD: 1TB NVMe (Kingstone SNV2S1000G)

Dual monitor setup එකක් තියෙන්නේ. හැබැයි monitors දෙකම Hp Compaq LA2306x 23inch (wide screen) LED Backlit LCD 60Ghz විතරක් තියෙන used monitors දෙකක්. PC එක build කරන්න කලින් ඉදන්ම මගේ ලැප් එකට VGA cable එකකින් extra monitor එකක් විදියට මම පවිච්චි කලා. ඒකම අලුත් PC එකටත් ගත්තා අලුත් වෙන මොනිටර් එකකට ගියේ නැතුව.

මට තියෙන අවුල තමයි. මගේ dual monitor setup තිබ්බට. මම mouse එක තියන් වැඩ කරන monitor එක සැරින් සැරේ ගැස්සෙනවා, වෙව්ලනවා වගේ වෙන්වා. තැනින් තැන pixel කොටු කලු පාටට හිර වෙන්වා වගේ වෙන්වා. ඒ ලගට mouse එක ගෙනිච්චම අයෙත් normal වෙන්වා. youtube එකේ විඩොයෝ එකක් බලනකොට පවා මේක වෙන්වා. monitors දෙකේම මේ දේ එක පාර වෙන්නේ නෑ. mouse එක තියන් වැඩ කරන monitor එකේදි විතරයි මේක වෙන්නේ.

මුල් දවස් වල monitors දෙකෙම screen freez වෙලා blue screen ඇවිල්ලා restart වෙන්න ගත්තා. පස්සෙ ආයෙත් OS (W11) එක දාලා manual graphic drivers site එකෙන් download කරගෙන install කලා. ඊට පස්සේ ආයෙත් ඒ ප්‍රශ්නේ ආවේ නෑ. 

monitors දෙකේම display,DVI,VGA ports තීයෙනවා. හැබැයි graphic card එකේ තියෙන්නේ display,DVI,HDMI විදියට. ඒ නිසා monitor එකක් displayport cable එකෙන් සහා අනික DVI cable එකෙන් connect කරලා තියෙන්නේ. 

විසදුම් විදියට මේකේ පරන forums කියවලා පවිච්චි කරන cables දෙකම monitors දෙකට මාරු කරලා බැලුවා. (අලුතෙන් කේබල් මාරු කලේ නෑ හැබැයි.) තව Link state power management off කරලා බලුවා. මෙකෙන් පස්සෙ ටිකක් වෙන වාර ගාන් අඩු වුනා. එත් අයෙත් ආව නිසයි මේක ලියන්න හිතුවේ විසදුමක් ගන්න. මේක මොකේ අවුලක්ද කියලා දෙන්න please. youtube search කලාම ගොඩක් දැක්කේ monitor refresh rate අවුලක් විදියට.එහෙම වුනොත් IPS monitor එකකට යන එක අවුලක් නැද්ද? graphic card එකේ අවුලක් නම් එක check කරගන්නේ කොහොමද?

 

 

1 Answer
0

පුළුවන්නම් TV එක වගේ Connect කරල Check කරන්න. වෙන Monitors connect කරලත් Check කරල බලන්න. GPu Drivers අළුතින් දාල බලන්න. Cable ටිකත් මාරු කරල වරකට එක Monitor එක බැගින් බලන්නත් පුළුවන්.

හරියටම GPu එකද Monitor එකද Cable ද කියල බලාගන්න වෙනව. Quality එක අඩු Cable නිසත් මෙහෙම වෙනව

Share: