about refresh rates...
 
Notifications
Clear all

about refresh rates?

10 Posts
3 Users
0 Reactions
394 Views
0
Topic starter

ayye me combination walin hoda kohomada ..

MSI GTX 1650 SUPER GAMING X 4GB+ 60hz or 144hz

MSI GTX 1660 SUPER GAMING X 6GB+ 60hz or 144hz

10 Answers
0

MSI GTX 1660 SUPER GAMING X 6GB එකට යන එක හොදයි. හැබැයි හැම ගේම් එකකම ලොකු Refresh rate එකක් ගන්න බැරි වෙයි ultra ගහනවනම්.

0
Topic starter

methanadi msi gtx super 1660ti ekath ekka 75hz monotor ekak use karaddida nattam 144hz ekak use karaddida best performance(more fps) ganna puluwan..poddak aul wela tyenne?pahadili kereemak dennawada?

0

FPS කියන්නෙ තත්පරයකට පින්තූර කීයක් Display වෙනවද කියන එක. Video එකක් එකදිගට යනවා වගේ පෙනුනට එතන පොටෝස් ගොඩක් තමයි වේගෙන් වෙනස් වෙන්නෙ.උදාහරනයක් විදියට 60 fps කියන්නෙ තප්පරේකට පින්තූර 60 ගානෙ play වෙලා තමයි ඒ වීඩියෝ එක හැදිල තියෙන්නෙ. ඉතින් මේ විදියටම තප්පරේකට පින්තූර කීයක් Monitor එකේ පෙන්නන්නවද කියන එක තමයි Refresh rate එක කියන්නෙ.60Hz කියන්නෙ තප්පරේකට උපරිම පින්තූර 60 පෙන්නන්න පුලුවන් monitor එකක් කියන එක.

 

Monitor එක FPS ගානට බලපාන්නෙ නෑ. FPS වලට බලපාන්නෙ Graphic Card එක, Processor එක, Ram එක වගේ දේවල්. Monitor එක අවශ්‍ය වෙන්නෙ Graphic Card එකෙන් එන FPS ටික output එකක් විදියට ලබා දෙන්න.එතනදි Graphic card එකෙන් පොඩි FPS ගානක් නම් දෙන්නෙ ලොකු Hz ගානක Monitor එකකට ගිහින් වැඩක් නෑ.ඒ වගේම Graphic card එකෙන් ලොකු FPS ගානක් දීල ඒක output එකක් විදියට දෙන්න Monitor එකට බැරිනම් ඒත් වැඩක් නෑ. මේ දෙක Balance තියෙන්න ඕන.

 

එතකොට ගේම් එකකදි FPS ගාන තීරනය වෙන්නෙ PC එකේ performance අනුව.FPS ගාන වැඩි නම් Smooth game එක play වෙනවා. FPS ගාන අඩු නම් තප්පරයකට පෙන්නන පින්තූර ගාන අඩු නිසා ගේම් එක යන්තමට Lag වෙනව වගේ තේරෙනවා.

 

එතකොට මේ FPS ගාන ගේම් එකෙන් ගේම් එකට වෙනස් වෙනවා එකම PC එක උනත්. සාමාන්යෙන් Graphic වැඩි ගේම් වල FPS එනවා අඩුයි.මොකද Graphic Card එකට ලොකු වැඩ ප්‍රමානයක් කරන්න වෙන නිසා තප්පරයකදි හදන්න පුලුවන් Frames ගාන ටිකක් අඩුයි. ඒ වගේම Shooting Game ගොඩක් Design කරල තියෙන්නෙ Smooth play වෙන්න.ඒ නිසා සාමාන්යෙන් Shooting ගේම් වල Graphic අඩු නිසා වැඩි FPS ගානක් දෙනවා. ඒ වගේම ගේම් එකේ setting වලින් Graphic Medium/ Low දැම්මොත් Graphic කාඩ් එකට් යොමු වෙන වැඩ ප්‍රමානය අඩු නිසා එතනදිත් FPS ටිකක් වැඩිපුර ගන්න පුලුවන්.

 

සාමාන්යෙන් අලුතෙන් එන ගේම්ස් ගනිද්දි 1660 Card එකත් එක්ක 144Hz වගේ output එකක් ගන්න බැරි වෙයි. ඒ නිසා ගොඩක් දුරට 75hz එකක් ප්‍රමානවත්.RTX Card එකකට වගේ ගියොත් 120Hz වගේ ගියාට අව්ලක් නෑ.(ඒකත් ගහන ගේම් අනුව වෙනස් වෙනවා.)

 

ඔයා ගහන්න බලාපොරොත්තු වෙන ගේම් එකත් එක්ක YouTube එකේ Search කරල බලන්න ඔයාගෙ Ram එකට/ Processor එකට ගැලපෙන Benchmark තියනවද කියලා. එතනදි ඒ Parts එක්ක මොන වගේ FPS ගානක් එනවද කියල Check කරල බලන්න.

ex:- GTA 5 GTX 1660ti 16GB ram

0
Topic starter

thank you...

0
Topic starter

me spec eka aulak nadda?

 1 MSI B450 GAMING PLUS MAX - MotherBoards 

AMD Ryzen™ 5 3500X - 

Corsair Vengeance LPX 16GB DDR4 3200Mhz -

 Lexar® NM100 128GB M.2 SSD -

 Seagate Barracuda 1TB ST1000DM010 -

 MSI GTX 1660 SUPER GAMING X 6GB -

1 ASUS ROG Strix 550 Watt Full Modular 80+ Gold - POWER SUPPLY

1 MSI MAG FORGE 100M - CASINGS

 MSI 24" Optix G241VC 1080p 75Hz Curved Gaming Monitor

 1 DCP 1200VA 2.0 Line Interactive UPS -

1 Antec A400 RGB -

0

ඔව්. අව්ලක් නෑ. හැබැයි Ryzen 3600 වගේ ප්‍රොසෙසර් එකකට ගියානම් තව ටිකක් හොදයි.

0
Topic starter

thank you pc guide for your feedback...........

0
Topic starter

normaly pc ekak kochra kaala seemawal athulathada clean karana eka sudusu? parts galawala clen kalata aulak nadda?(vga card..ram..psu connectors..etc)..me dewal nithara karana ekada hoda nattam duration ekak tyenawada?

 

0

නිතර කරන්න ඕන නෑ. දූවිලි වදින්නෙ නැති තැනකනම් අව්ලක් නෑ. හැබැයි නිතර දූවිලි එහෙම එකතු වෙනවනම් Clean කරලා දාන්න මාසෙකට දෙකකට පාරක්.

 

0
Quote from java887 on September 21, 2020, 7:18 pm

normaly pc ekak kochra kaala seemawal athulathada clean karana eka sudusu? parts galawala clen kalata aulak nadda?(vga card..ram..psu connectors..etc)..me dewal nithara karana ekada hoda nattam duration ekak tyenawada?

 

parts ගලවල කරනවනම් slots ඇතුල හොදට කරන්න මොකද නැත්ත්නම් එලියෙ තියෙන දූවිලි ඇතුලට ගිහින් වෙන ප්‍රශ්න එන්න පුලුවන්. CPU cooler එක  cpu එකෙන් ගලවනම thermal past re-apply කරන්න බලාගෙන ගලවන්න සාමාන්‍යෙන් මාස 8-12ක් වගේ කාලෙකින් ඒක කරාම ඇති. සතියකට සැරයක් වගේ එලියන් clean කරල removable dust pad තියෙනවනම් ඒව clean කරන්න. parts ගලවන්න යන්න එපා නිතර නිතර

Share: