Notifications
Clear all

shutdown & power on

2 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

මගෙ ලැප් එක asus vivoBook R542uf.

ඒක අපි off කරාම HDD එක ඉක්මන්ට off වෙලා (සාමාන්‍ය computer එකක HDD Off වෙනවා ව⁣ගේ වෙලාවකින් Off..) cooling fan එක වැඩ කරනවා විනාඩි 5ක් විතර.

හැබැයි එහෙම වුනාම, ආයෙ අපි on කරද්දී පට ගාලා on වෙනවා.

සමහර වෙලාවකට, අර සීන් එක නැ. සාමාන්‍ය computer එකක් off වෙනවා වගේ නිකන්ම Off වෙනවා.

ඒත් හැබැයි ඒ වෙලාවට on වෙන්න විනාඩි 4ක්,5ක් යනවා.. ඒ ඇයි.?

Help Please..!!

2 Answers
0

laptop එක off කරල FAN off වෙන්න සැලකිය යයුතු වෙලාවක් යන එකනම් සමහර laptop model වල තියෙනව ඒක සාමාන්‍යයි.  කරන්න පුලුවන් එකම දෙයක් තමයි bios update කරන එක.

ඒත් on වෙන්න 4-5min යන එකනම් ගොඩක් වැඩී. පොඩ්ඩක් crystal disk bench වගෙ එකකින් hard එක check කරල බලන්න

ඒ වගේම ඔයා shutdown කරන්නෙ power key එකෙන්ද නැත්නම් start menu එකෙන්ද  මොකද මම හිතන්නෙ pc එක sleep වෙනව වගේ දෙයක් වෙන්න පුලුවන්  shutdown වෙනව වෙනුවට

0
Topic starter
  • මම normal විදිහට start menu එකෙන් shutdown කරනවා. Lap එක ගත්ත දවසෙ ඉඳන් ඒක වෙනවා.. පහුවෙලා shutdown වෙන එක ප්‍රශ්නයක් නම් නැ. ඒත් අර විදිහට off වුනහම on වෙන්න වෙලා යන එක තමා ඉතින් ගැටළුව. ඇත්තටම අරෙහෙම වුනාම 3-4 min වගේ තමා on වෙන්න යන්නේ.. ඒත්, desktop එකේ icons load වෙලා normally use කරන්න වෙන මට්ටමට එන්න තව විනාඩියක් වගේ යනවා.!

ඒ සීන් එක හැම වෙලේම වෙන්නෙත් නැ.!

Thanks bro.. bios update කරලා බලන්නම්..😊

Share: