Notifications
Clear all

Laptop performance

0 Posts
1 Users
0 Reactions
233 Views
0
Topic starter

මට තියෙන්නෙ budget laptop එකක්. i5 10th gen 8GB Ram 120GB NVMe එක්ක MX230 2GB VGA එකක් තියෙන්නෙ. අරගෙන අවුරුදු දෙක හමාරක් වෙනවා. ඒක ගත්ත මුල් දවස් වල ඉදන් අවුරුදු එක හමාරක් විතර වෙනකන් මං ඒකෙ කිසිම අව්ලක් නැතුව ඕනම ගේම් එකක් ප්ලේ කරා. 720p resolution දාලා අලුතෙන්ම ආපු ගේම්ස් ඔක්කොම වගේ කිසිම අවුලක් නැතුව ප්ලේ කරා. Halo infinite එහෙමත් ගැහුවා 30-40fps. මං වැඩියෙන්ම ප්ලේ කරේ PUBG. මොබයිල් එක නෙවෙයි PC version එක. ඒකත් කිසිම අව්ලක් නැතුව medium settings වලින් ගැහුවා 30-45fps. ඊට පස්සෙ games ප්ලේ කරන එක නවත්තලා අවුරුද්දකට විතර පස්සෙ ආයෙ ගේම් ගහන්න පටන් ගත්තා. දැන් කිසිම ගේම් එකක් හරියට ප්ලේ කරන්න බෑ ලැග් වෙනවා. PUBG Very Low settings දාලත් fps 28න් උඩට යන්නෙ නෑ. Cpu temp එකේ ප්‍රශ්නෙකුත් නෑ උපරිම යන්නෙ 76C වගේ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? Graphic drivers අප්ඩේට් කරලා තියෙන්නෙ. හැබැයි ලගදි ලැප් එකේ ඩිස්ප්ලේ ගිහින් දැන් පරන external monitor එකක් තමා යූස් කරන්නෙ. Hdmi to vga converter එකකින් තමා display output එක ගන්නෙ. එහෙම කරා කියලා games වල fps drop වෙන්න පුලුවන්ද?

Share: