Notifications
Clear all

Laptop Charging Adapter Always Connet To Laptop

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

ලැප්ටොප් එක ඕෆ් කරලා තියෙන වෙලාවට ලැප්ටොප් එකේ චාජිං ඇඩැප්ටර් එක හැමවෙලේම ලැප්ටොප් එකේ චාජිං පෝට් එකට සම්බන්ධ කරලා තියෙන එකෙන් බැටරි එකට හානියක් වෙන්න පුළුවන්ද?(විදුලි බලය ලබා නොදී..)

මෝඩ ප්‍රශ්නයක් වගේ දකින්න එපා.මගෙනුත් කීපදෙනෙක්ම මේ ප්‍රශ්නේ අහලා තියෙනවා.සමහරු ඒ විදියට චාජර් එක කනෙක්ට් කරලම තිබිලා(පවර් ඔන් නොකර) එයාලගේ බැට්‍රි ඉක්මනට සවුත්තු උනා කියලත් තියෙනවා..හරියටම මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පැහැදිලි උත්තරයක් දෙන්න.

ගොඩක් ස්තුතියි..

1 Answer
0

Smartphone, laptop වල තියෙන li-ion/po battery බොහෝවිට 0% ආසන්නව සහ 100% charge එකේ තියෙනවා නම් එකේ කල්පැවැත්ම ටිකක් ඉක්මනින් අඩු වෙනවා. ඒ නිසා ඒ li-ion/po battery එක්ක හොඳම කල්පැවැත්ම ලබාගන්න නම් 20-80% අතර භාවිතා කරන්න ඕනි.

ඒ නිසා laptop off කරලා තියේදිත් 100% battery තියෙද්දී දිගට charger එකට සම්බන්ද කරලා තිබීම හොඳ නැහැ, හැබැයි charger එක විදුලියට සම්බන්ද කරලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ.

හැබැයි gaming, video editing වගේ ලොකු වැඩ කරන laptop එකක් නම් බොහෝවිට charger එකට සම්බන්ද කරලා තියෙන්න වෙන නිසා battery නාස්තිය වළක්වා ගන්න බැහැ.

Share: