XMP Profile??
 
Notifications
Clear all

XMP Profile??

3 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

මොකද්ද මේ XMP Profile කියන්නෙ?

මොක්ද එකෙන් වෙන්නෙ?

CPU Support කරනවට වඩා Ram Speed support කරන්න පුළුවන්ද?

example:  intel i3 10gen support 2666mhz නේ 3200hmz ram speed එක support කරනවද ?

3 Answers
0

XMP කියන්නේ ram model එකෙට අදාල speed, timings තියෙන profile එකක්, එක motherboard bios එකෙන් enable කරන්න ඕනි ram එක හරි speed එකෙන් වැඩ කරන්න.

සාමාන්‍යයෙන් cpu, motherboard දෙකම කිසියම් ram speed එකක් support කරනවා නම් ඒ speed ram එකක් භාවිතා කරන්න පුලුවන්. හැබැයි මේක සැමවිටම වෙන්නේ නැහැ.

0
Topic starter

Thank You

මම  i5 10400f msi  b560m-a pro සහ corsair vengeance rgb pro 3200mhz stick 8*2ක් පාවිච්චි කරන්නේ.. Bios වල XMP Profile enable කරහම 3200mhz පෙන්නන්නේ  2666mhz නෙමෙයි..ඒ වගේම 1.36V Memory Power usage පෙන්නනවා.Youtube එකේ සමහර පිට රට අය 560 chipset එකේ ram speed advantage එකක් ගැන කියනව, ඒත් පරශ්න තියනවා ඒවගේ. XMP Enable කරහම  warranty issues එනවද? Hardware component වලට හානියක් වෙනවද OC වෙන නිසා?

Thank you for helping හුගක් interesting දෙයක් මට මේ කියල දෙන්නේ.

0

මීට කලින් ආපු B-series chipset motherboards වලට වඩා අලුත් B560 එකේ ප්‍රදාන වෙනසක් වෙන්නේ high speed memory support එක (2933mhzට ඉහළ speeds). ඒ නිසා intel cpu specifications වලට වඩා වැඩි ram speeds වලට යන්න පුළුවන්(ඒ නිසයි ඔයාගේ xmp හරහා 3200mhz වැඩ කරන්නේ).

මේක හොඳ දෙයක්, speed වැඩි ram වලින් cpu performance වැඩි වෙනවා. High speed ram වල අණිවරෙන් XMP enable කරන්න ඕනි, නැත්නම් ඒවා වැඩ කරන්නේ 2133/2400mhz වලින්. ඒ නිසා එක enable කිරීම warranty වලට බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිත් cpu, motherboard components වලට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.

Share: