Software Developing...
 
Notifications
Clear all

Software Developing වලට low budget pc build එකක්

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Software Developing කරන කෙනෙක්ට brand new parts දාලා pc එකක් build කරනවනම් යන්න පුළුවන් උපරිම අඩුම budget එක කියක් විතරද? Monitor, Keyboard, Mouse දැනට තියෙනවා. System Unit එක විතරයි හදාගන්න ඕන. Android Studio, PyCharm, VS Code වගේ power-sensitive IDEs එක්ක වැඩ කරද්දී pc එක රත් නොවී smoothly run කරන්න පුළුවන් වෙන්නත් ඕන. (Not for Gaming or Graphic Designing)

2 Answers
0

main task එක developing නිසා ලොකු gpu එකක් ඕනෙ වෙන්නෙ නෑ.

අවම වශයෙන් ryzen 3600 හෝ intel 9400f එකක් ගන්න

amd cpu එකක්න්ම් B450 හෝ budget තියෙනව්නම් X570 board එකකට යන්න.

(B450 out of the box එන්නෙ 2nd gen ryzen වලට මේ processor එකට bios update එකක් කරන්න වෙයි ඒක ගන්න shop එකෙන්ම ගොඩක් දුරට කරල දෙයි.  ඒත් X570 එක original එන්නෙ 3rd gen. මෙතන පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ සාමාන්‍යෙන් X series කියන්නෙ high end mobo series එක B series එක mid range එක අපේ වැඩ වලට B series එක හොදටම ඇති ඒත් තාම 3rd gen B series mobo එක announced කාරල නෑ ගොඩක් දුරට 2020 වගේ වෙයි කියනව. ඔයා කැමතිනම් දැනට B450 එකක් දාගෙන පස්සෙ අරක ආවම upgrade එකක් කරගන්න. ගොඩක් වෙලාවට ප්‍රදානම advantage එක විදිහට එන්නෙ PCI 4.0 support දැනටනම් ඒක අත්‍යාවශ්‍ය නෑ.

intel ගන්නවනම් B360 හෝ B365 එක ගන්න මේකෙත් අලුත් mobo එකේ B365 එකේ විතරයි out of the box 9400f processor එක support කර්න්නෙ නැත්නම් අනික දානවනම් bios update එකක් කරන්න වෙන්ව. මේකෙනම් ප්‍රශ්නයක් නෑ ඔයාට දෙනෙන් ඕන එකකට යන්න පුලුව්න් දෙකම B series නෙ)

ram එකේ capacity එකනම් වැඩිවෙන තරමට හොදයි ඔයාට amd එකේනම් 3200MHz දක්වා ලොකු speed එක වැඩි ram use කරන්න පුලුවන්. (speed එක වැඩි වෙන්න වැඩි වෙන්න performance වැඩී ) intel එකේනම් maximum ගහ්න්න වෙන්නෙ 2666Mhz ඔයාට ලොකු speed ram use කරන්න පුලුවන් ඒත් speed එක limit වෙනව. ඒක නිසා වැඩක් නෑ.

මම recommend කරන minimum capacity එක 16gb අනික final ram එක ram stick එකක් විදිහට නෙමෙයි දෙකක් විදිඅහට ගහන්න (dual channel memory) එතකොට speed වැඩී. ඔයා maximum යන්න හිතන්නෙ 16gb නම් 8bg sticks දෙකක් ගහන්න. ඔයා ඉස්සරහට 32gb වගේ up කරන්න හිතන් ඉන්නවනම් mobo එකෙත් තියෙන්නෙ socket දෙකයි නම් 16gb එකක් ගහල පස්සෙ upgrade කරන්න. ram stick දෙකක් ගැහුවම එකකට වඩා noticeable improvement එකක් තියෙනව.

storage devices වලටනම් 256gb හෝ ඔයාට ය්න්න පුලුවන් ඊට වැඩි ගානක උනත් කමක් නෑ m.2 ssd එකක් use කරන්න boot and program file වලට. budget එක ok නම් nvme එකකට යන්න ඒක fast. data වලට 7200rpm hard drive use කරන්න

gpu එකනම් powerful එකකට යන්න ඕනේ නෑ ගොඩක් powerful ඒත් අනික් parts අනුව දැනට ගන්න තියෙන අලුත් ඒව අබ්ලුවම හොඩ එකකට තියෙන්නෙ GTX1650 ටිකක් powerful වැඩි වෙයි ඒත් පස්සෙ gpu programming වගේ කරන්න්න ඕනෙ උනොත් හොදට perform කරයි.

power supply එකටනම් 500w වගේ එකක් ඇතිවෙයි ඒත් fan count එක එහෙම වැඩි නිසා 550w ගියත් කාමක් නෑ

heat වෙන එක ප්‍රශ්නයක් වශ්‍යෙන් තියෙනවනම් අනිව market එකේ තියෙන cooler එකකට යන්න වෙනව. මොකද cpu stock cooler එකෙන් ලොකු heat එකක් handle කරන්න බෑ.

air cooler එකකට යන්වනම් HYperx 212 එකට යන්න පුලුවන් budget තියෙනන්වම්  120mm single radiator fan liquid cooler එකකට යන්න ( O/C කරනවනම් අනිවාර්‍ය්න් liquid cooler එකකට යන්න)

casing එකේදිනම් cooler master , thermaltake, , etc වගේ barnded casing එකකට යන්න ටිකක් ලොකු. fans ගාන වැඩි කරගන්න බලන්න අවම වශ්‍යෙන casing fan 2ක් වත් ඕනෙ සාමාන්‍යෙ වැඩ වලට . Cool pc එකක් හදන නිසා ඊට වඩා වැඩි ක්‍රගන්න බලන්න ඉස්සරහින් intake කරගෙන පිටිපස්සෙන් exhaust වෙන්න

අපිට කියල හදාගන්න ඕනෙනම් info@pcguide.lk mail එකට mail එකක් දාන්න නැත්නම් Facebook page එකත් එක්ක connect වෙන්න

 

 

 

0
Topic starter

Thank you

Share: