Ryzen CPU Overheat
 
Notifications
Clear all

Ryzen CPU Overheat

4 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

මගේ ලඟ තියෙන්නේ Ryzen 7 3700X CPU එකක්. Build එක කලේ 2021 මාර්තු. CPU එකට මම ටික දවසක් Use කලේ AMD Stock Cooler එක. මම CPU එක Overclock කලෙත් නෑ. එත් Heat වෙනවා ටිකක් වැඩියි. පස්සේ මම Corsair iCUE H100i Elite Capellix Cooler එකක් Install කලා. එකෙන් ලොකු වෙනසක් උනා. එත් වැඩක් කොකර ඉද්දිත් CPU එක 50-60°c යනවමයි, ඒ විදිහටම වැඩක් නොකර ඉද්දි 45-50°c විතර යන වෙලාවලුත් තියනවා. Casing එක Corsair iCUE 465x, Cooler එකට අමතර 120mm Corsair Fans 3ක් තියනවා, සේරම Fans 5යි. Motherboard Bios වලින් CPU Boost Disable කරහම 40-50°c යන්නේ, "ඒ ලොකු වැඩක් කරලත්".. වැඩක් කරද්දී Fan Noise එන හින්ද මම iCUE Software එකෙන් Manual RPM හදල තියෙන්නේ දැන්.. 😑 Boost Disable කරලා පාවිච්චි කරලා වැඩක් නෑ කියලත් හිතෙනවා මොකද 3.60GHz වඩා Boost Enable කරලා තියෙද්දී ලොකු Performance එකක් ගන්න පුළුවන්. මට හිතෙනවා 40-50°c ගියා කියල වැඩක් ඈ. හොඳ Cooler එකක් ගහලත් එකෙන් උපරිම වැඩේ ගන්නේ නැතිව කියල හිතෙනවා.. මට දැනගන්න ඕනේ 50-60-70°c කියන්නේ Normal Tempeture එකද? ඒක අසාමාන්‍ය රත්වීමක්ද? පුලුවන්නම් ඉක්මනින් මට උත්තරයක් දෙන්න... ජය වේවා..

4 Answers
0

AMD cpu වල temperature එක අනුව clock speeds පොඩ්ඩක් වෙනස් වෙනවා amd precision boot 2 algorithm නිසා.

AMD 3000-series CPU වල stock settings දුවද්දී full load එකකදී සාමාන්‍යයෙන් 80-85°c වලින් පහළ තියෙනවා නම් අවුලක් නැහැ. හොඳ cooler එකකින් cpu temps 70-60°c වලට අඩු කරගන්න පුළුවන් නම් තව පොඩ්ඩක් performance වැඩි වෙනවා. හැබැයි තව cooling දීලා 50°c වලට වගේ ගෙන්නලා වැඩක් නැහැ manual overclocking කරන්නේ නැත්නම්. මේ නිසා cpu full load එකක්දි 70°c වගේ තියෙනවා නම් ගොඩක් හොදයි. හොඳ cooler එකක් තියෙද්දී cpu boost disable කරන්න එපා.

CPU එක idle වෙද්දී 30-50°c තියෙනවා නම් සමාන්යයි. Fan noise ප්‍රශ්නයක් නම් manual fan curve එකක් භාවිතා කරන්න.

0
Topic starter

4.40GHz CPU Boost Bios වලින් Enable කරල තියෙද්දී CPU Temperature එක Idle යන්නේ 45-65°c අතර. Game එකක Play කරද්දි සහ Video Rendering කරද්දී යනවා 60-75°c අතර. එක සාමාන්‍යයිද?

0

ඔව් ඒ temperatures සාමාන්‍යයි.

0
Topic starter

බොහොම ස්තුතියි!

Share: