Ram සම්බන්දව
 
Notifications
Clear all

Ram සම්බන්දව

1 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

මාගේ පරිගණකය core i 5 3rd gen පරිගණකයකි.

මුලදී 1333 බස් ස්පීඩ් එකක් සහිත 4GB DDR3 වර්ගයෙ රැම් දෙකක් සවි කර තිබූ අතර, ඉන් එකක් දැවී යාම හේතුවෙන් මා විසින් 1600 බස් වේගයක් සහිත 8GB රැම් එකක් සවිකර ගැටලුවකින් තොරව භාවිතා කරන ලදී, අවුරුද්දකට පමණ පසු යම් යම් අවස්තාවන් වල දවසෙ පලමු ක්‍රියාත්මක කිරීමේදී රැම් ගැටලු සදහා ඇතිවන බීප් නාදය ඇතිව කිහිපවරක් පරිගණකය විසින්ම රීස්ටාර්ට් වී සාමාන්‍ය ආකාරයෙන් ඔන් වුනි. මාසයකට පමණ පසු රැම් ගැටළු දනවන බීපරය පමණක් නිසා මා විසින් පරික්ශා කිරීමේදී අලුතින් සවි කෙරූ 8GB රැම් කාඩය තුල දොශයක් බව පෙන්වයි. එය ඉවත් කිරීමෙන් පසු ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වේ. නමුත් එම 8GB රැම් එක මා විසින් වෙනත් පරිගණක වලට සවිකල පසු හොදින් ක්‍රියාත්මක වන අතර. මාගෙ පරිගණකයේදී පමණක් ක්‍රියාත්මක නොවෙ.

මා විසින් මදර්බොඩ් බයෝස්ද අප්ඩේට් කෙරු අතර සියළුම රැම් ස්ලොට්ද වෙනත් රැම් වලට හොදින් ක්‍රියා කරයි.

8GB Ram එක වෙනත් පරිගණක වල හොදින් ක්‍රියාත්මක වීම හේතුවෙන් වොරන්ටී ක්ලේම් කිරීමටද හැකියාවක් නොමැත‍

මේ ආකාරයෙන් කලකදී ක්‍රියා කර පසුව ක්‍රියා නොවීමට හේතුව කුමක්ද‍

එය විසදිය හැකිද

1 Answer
0

කාලයක් සමග ram හානි වීමට අතිරික්ත තාපය, නිෂ්පාදක දෝෂ, over-voltage, motherboard දෝෂ වගේ විවිධ කරුණු බලපාන්න පුළුවන්.

හැබැයි ඔයාගේ ප්‍රශ්නය අමුතුයි වෙනත් computer එකකට ඒ ram එක වැඩ කරන නිසා, මේකට හේතුවක් මට අනුමාන කරන්න බැහැ.

Share: