processor එකක L1,L2...
 
Notifications
Clear all

processor එකක L1,L2,L3 කියන්නෙ මොකද්ද?

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

processor එකක L1,L2,L3 කියන ඒවා වලින් අදහස් වෙන්නෙ මොකද්ද?එකෙ අගය වැඩි අඩු වීමෙන් වෙන වාසිය මොකද්ද? පැහැදිලි කරන්න?

1 Answer
0

L1 , L2, L3 විදියට සදහන් වෙන්නෙ Processor එකේ තියන ඉතාම කුඩා Cache memory එකක්. මේක පාවිච්චි වෙන්නෙ නිතරම බාවිතාවන ඉතා කුඩා instructions ගබඩා කරල තියාගන්න.

සාමාන්යෙන් software එකක් install කරාම ඒකෙ දත්ත ගබඩා වෙන්නෙ අපේ HDD එකේ. නමුත් software එක open කරද්දි එම දත්ත අපේ Ram එකට copy වෙනව. මොකද හාඩ් එක සාමාන්යෙන් slow නිසා. නමුත් ක්ශනිකව නිතර අවශ්‍ය වෙන දත්ත Ram එකේ ඉදල ලබාගන්න එකත් පොඩ්ඩක් delay වෙන්න පුලුවන්.

Ex:- අපි shooting game එකක් ගහනවනම් නිතරම වන දෙයක් තමා වෙඩි තියන එක.හැබැයි click කරාම වෙඩි තියන්න කියන උපදෙස නිතරම පාවිච්චි වෙන නිස එයි cache එකේ ගබඩා කිරීම මගින් වැඩි ඉක්මනින් එය process කරන්න අවස්තාව තියනවා.(මේක හැම වෙලේම Ram එකේ ඉදන් ආවනම් යම් delay එකක් තියෙන්න තිබ්බ.eඑහෙම උනොත් ඒක බාදාවක් gaming experience එකට.

 

Cache එක වැඩි වෙන තරමට හොදයි.

Share: