Proccesor+Motherboa...
 
Notifications
Clear all

Proccesor+Motherboard

5 Posts
3 Users
0 Reactions
263 Views
0
Topic starter

අලුතෙන් PC එකක් assemble කිරීමේදි  proccesor එකට ගැලපෙන Motherboard එකක් select කරගන්නේ කොහොමද

 

Ex. I3 proccesor එකක් සහිත pc  assemble කිරීමේදී ඊට අවශ්‍ය Motherboard එක select කරගන්නා අාකාරය

 

තව proccesor වල generationවල වෙනස් කම්

2nd gen, 3rd gen....

5 Answers
0

1.පලමු ප්‍රශ්නය සදහා පිලිතුර.

අලුතෙන් අපි pc එකක් හදන්න යනකොට අපිට ගැලපෙන motherboard එකක් තෝරගන්නෙ අපි තීරනය කරන්න ඕන මොන වගේ දේකටද් මේක අපි බාවිතා කරන්නෙ මොන වගෙ වැඩක් කරන්නද ඒ වගේම අපි ට මේක මිලදී ගැනීමේ දී යෙදවිය හැකි මුදල සම්බන්දව, මොකද හොදම වර්ගයේ Motherbord එකක් එක්ක ලොකු ගානක් වියද්ම් කරල අරන් Processor එක i3  හෝ Dual Core එකක් වගේ යෙදීම සුදුසු නැහැ ඒක නිසා ඒ ගැන විශේශ අවදානයක් යොමු කරන්න, ඒ වගේම ඔබ Intel Processor එකක් භාවිතා කරල Build එකක් කරන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාරෙන්ම Processor එකේ පරම්පරාව එහෙමත් නැත්නම් Generation එක අනිවාරෙන්ම වැද්ගත් වෙනව මොකද මේ Gen එකට් අදාලව Intel Motherboard වල තියෙන Chip Set එක වෙනස් වෙනව අලුත් වෙනව ඉතින් ඒ ගැන දැනුවත් වෙලා Computer එකක් Assemble කරන එක තම හොදම දේ.

සාමන්‍යෙන් දැනට තියෙන ප්‍රොසෙසර් වලට අදාලව තිබෙන Motherboard Chip set ටික මම පහලින් දාන්නම් මේවගෙ එකින් එකට වූ වෙනස්කම් තියෙන්ව ඒ පිලිබදව දැනගැනීමට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

Intel 1st Gen Cpu සදහා H55 ( Socket LGA 1156)
Intel 2nd , 3rd Gen Cpu සදහා H61, B65 , Z67, H77, Z75,Z77, B75 (Socket LGA 1155)
Intel  4th, 5th Gen CPU සදහා  H81, B85,Z87,
Intel 6th, 7th Gen CPU සදහා  H110, B150, H170, Z170, H270, B250, Z270

අවසාන වශයෙන් දැන් වෙලදපලේ මිලදී ගැනිමට හැකි නවතම් Motherboard Chip set මාදිලිය වෙන H370, B360, Z370 යන මාදිලි Intel 8th Gen සදහාත් Z390 Chip Set එක 9th Gen සදහාත් නිකුත් කර ඇත.

2. දෙවන ප්‍රශ්නය සදහා පිලිතුර

Processor Generation එක අලුත් වෙන්න අලුත් වෙන්න වෙන්නෙ එහි තිබෙන තාක්ශනික ක්‍රියාවලියන් තවත් වැඩිදියුනු කර පරිශීලකයාට ලබාදීමයි , ඒ කියන්නෙ සාමන්‍යෙන් Processor එකක් අලුත් වෙද්දි ඒ Processor එක ක්‍රියා කරවීම සදහා අවශ්‍ය වන විදුලි බලය අඩු වෙනව මුලින් ඒවට වැඩිය පසු කාලින එන ඒව විදුලි බලය ඉතිරි කරගැනීමට පුලුවන් ( එතරම්ම බලපාන සාදකයක් නොවුනත් එයද විශේශත්වයකි ) ඒ වගේම processor එකක තිබෙන Core s සහ Threads ගාන මුල් කාලයේ ඒවට වඩා වැඩි වීම හා Per Core Speed එකක අගය ඉහල වීම ( මේ මගින් අප පරිගනකයේ ක්‍රියාත්මක කරනා මෘ දුකාංග කිහිපයක් එක වර ක්‍රියාවට නැංවීම හා එවායෙන් වැඩ කිරීමේදී වැඩි කාර්‍යක්ශමතාවක් ඇතිවෙ.) ඒ වගේම පමනට වඩා රත් වීම අඩු කිරීම  සහ විශේශයෙන්ම Cash Memory එක වැඩි වීම ආදිය වෙනස් කම් විදිහට කියන්න පුලුවන් 🙂

අවසාන වශයෙන් පිලිතුරේ අපහැදිලි තැනක් වෙතොත් හෝ තව යම් දෙයක් වේ නම් කමෙන්ට් එකකින් කියන්න.

0
Topic starter

මට දැනුමට අවශ්‍ය ප්‍රශ්නයක් මම අැහුවෙ

Computer hardware ගැන විශේෂ දැනුමක් නැති නිසා.

ගොඩක් ස්තූතීයි.

 

 

0
Topic starter

මට නිවසේ සාමාන්‍ය භාවිතයට පරිගනකයක් build up කරගැනීමට අවශ්‍යයි.

  • Movies සඳහා.
  • Games සඳහා.(GTA V) play කල හැකි
  • Ms Office සඳහා.

මා සතුව

  • 2TB HDD
  • DDR 3, 4GB RAM
  • DVD RW අැත.

මේ සඳහා Motherboard (DDR 3 Ram slot) සහිත i3 හෝ i5 Proccesor (gen එකත් සමඟ) Recommende කරන්න පුලුවන් ද

 

0

මම නම් හිතන්නෙ ඔයා DDR3 ram එක දාල එකක් හදනවට වඩා අලුතින්ම pc එකක් හදන එක හොදයි මොකද දැන් DDR3 කියන්නෙ discontinued එකක් එහෙම එකක් දාල පරන pc එකක් හැදුවම පස්සෙ පර්ශන්‍යක් ආවොත් ඔයාට එකක් repair කරන්න parts වලට ලොකු මුදලක් යන්ව තව ඒ parts හොයාගන්නත් අමරු තත්වෙකට යන්ව ඊට වඩා හොද නැද්ද අලුත් එකක් හදල අවුරුදු 3ක් 4ක් කිසිම ප්‍රශ්‍නයක් නැතුව වැඩ කරන එක.පුලුවන්නම් අලුත් එකකට යන්න ඒක තම හොද කියල මට හිතෙන්නෙ.

ඔයා DDR3 එකෙන් හදනවනම්

i5  - 4570 වගේ එකකට යන්න

B85 හරි H81 වගෙ එකක් ගන්න

තව DDR3 4GB ram එකක් ඕන වෙන්ව

VGA එකක් ඕනෙ වෙන්ව  GTA play කරන්න නම් අඩුමතරමින් GTX 660 එකක්වත් ඉල්ලන්නව GTA වලට ඒත් ඒක දැම්මම ලොකු bottleneck එකක් එන්ව ඒ කියන්නෙ processor එක ගොඩක් powerful VGA එකට වඩා මෙයාල ඒ processor එකට recommend කරන්නෙ GTX 960 GTX 1050ti GTX 770 වගේ එකක් ඒත් ඒව නම් ගනන් වැඩී ඉතින් ඔයා ගන්න shop එකත් එක්කත් කතාකරල බලන්න.

500W වගේ power supply එකක් ඇතිවෙයි

ඒත් ඔයා අලුතින් හදනවනම්

amd ryzen 5 (2400G) එකක් හරි 3 (2200G)  එකක් හරි ගන්න

B450 motherboard එකක් ගන්න

DDR 4  8GB ram එකක් හරි 4GB දෙකක් හරි ගන්න

500W-550W powersupplyඑකක් ගන්න

vga එකක් ඕනෙ නෑ AMD processor එකේ VGA එක හොදටම ප්‍රමානවත්

පුලුවන්නම් m.2 ssdඑකක් ගන්න තව

අව්‍ රුදු 3-4 කට ප්‍ර්ශ්නයක් වෙන්නෙ නෑ

 

https://www.youtube.com/watch?v=8u1vBqM5_48

https://www.youtube.com/watch?v=4UHCFoswi2k&t=5s

https://www.youtube.com/watch?v=9L12LFHRfc4&t=113s

0
Topic starter

ස්තූතියි සහා්ෙදරයා.

Share: