Pc is boot up but n...
 
Notifications
Clear all

Pc is boot up but not load the operating system? When Pc is boot up its show usb device over current status detected

1 Posts
2 Users
0 Reactions
275 Views
0
Topic starter

මගෙ motherboard එක asus rog h270f gaming motherboard එකක්.

ඒක ලඟකදි ඉඳන් ඔන් වෙන්න ගනිද්දි බූට් වෙලා ටික වෙලාවකින් "usb device over current status detected !! System will shutdown after 15 second". Kiyala watenwa පස්සෙ තත්පර 15 කින් ඕෆ් වෙනවා.

ඒත් මං මැෂින් එකට කනෙක්ට් කරලා තිබ්බා ඔක්කොම Usb පවා ගලවලා ආයෙ ඔන් කරලා බැලුවා ඒත් ඒ විදිහටම වෙනවා. පස්සේ front usb පැනල් එකේ කේබලුත් ගලවලා ඔන් කරලා බැලුවා ඒත් ඒ විදිහටම වෙලා ඕෆ් වෙනවා.

පස්සේ CMOS එකේ අව්ලක් ඇති කියලා හිතලා ඒ⁣කත් මාරු කරලා බැලුවා ඒ හරියන්නෙත් නෑ.

මගෙ මැෂින් එකේ Usb port වල ඩැමේජ් එකක්වත් පිච්චුන සලකුණක්වත් පේන්න නෑ. කොටින්ම මං පවර් කේබලුත් මාරු කරලා බැලුවා ඒ හරියන්නෙත් නෑ.

පවර්සප්ලයි එකෙත් අව්ලක් නෑ ඒකත් බැලුවා කොහේද ප්‍රශ්නය තියෙන්නේ කියලා මට හොයාගන්න බෑ මේකට පිලියමක් දෙන්න දන්න කෙනෙක්.

 මොකක්ද අව්ල කියලා කියන්න මට  මේකේ අව්ල හොයාගන්න බෑ. වැඩ ගොඩක් පාඩු වෙලා තියෙන්නේ මේ නිසා. 

1 Answer
0

මේකට කරන්න තියෙන දේවල් ටික ඔයා කරල වගේ. එතනින් එහාට බලන්න දෙයක් නම් නැහැ සාමාන්‍ය Troubleshooting method එකක් යටතේ. කෝකටත් පහත Links ටික බලන්න.

Link 1

Link 2

Link 3

Share: