LG Flatron Monitor ...
 
Notifications
Clear all

LG Flatron Monitor "Power Saving Mode" රෝගය

1 Posts
2 Users
0 Reactions
206 Views
0
Topic starter

මගෙ LG Flatron Monitor එක ලැප්ටොප් එකේ VGA port එකට සම්බන්ධ කර Monitor එක Power On  කල පසු LG Logo එක සුපුරුදු පරිදි දිස්වේ. නමුත්, ඉන් අනතුරුව මට දැකගත හැකිවනුයේ "Power Saving Mode" යනුවෙන් පණිවිඩයකි. ඉන් පසු කිසිවක් තිරයේ දිස් නොවීයයි. නමුත්, Power Button හි ඇති LED බල්බය Blinking වනු පෙනේ. ඉන්පසු මා ලැප්ටොප් පරිගනකයට සම්බන්ධ VGA male Jack එක ගැලවූ විට "Connect your Cable" යන පණිවිඩය දිස් වේ. CCTV DVR සහ TV එකට ද පසු මෙය සම්බන්ධ කර බැලුවද ඉහත කී අකාරයටම මෙම ගැටලුව බලපායි. මෙසේ වෙන්නෙ ඇයි?

(VGA හා Power Cables නියමකාරව සවි වී ඇති බවත් ඒවා හොද ගුණාත්මක තත්වයේ ඇතිබවත් සලකන්න .)

1 Answer
0

ඔයාගෙ monitor එක on කරල ඒකෙ OSD - On Screen Display එකට යන්න පුලුවන්ද බලන්න. ඒ Cable එකෙන් වෙන monitor එකක් වැඩ කරනවද බලන්න. මේක Monitor එකට Signal එන්නෙ නැති නිසා වෙන දෙයක්.

Connection port වර්ග 2ක් විතර තියෙනවනම් ඒවට Connect කරල Check කරන්න

Share: